IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රිලවා හෙළ බොජුන් හලේ සල්ලි පෙට්ටයට විදලා

මහනුවර සිට බදුල්ල දක්වා දිවෙන රන්දෙණිගල මහවැලි රජ මාවත මාර්ගයේ කීර්තිබණ්ඩාරපුර, සේරුපිටිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේම ඇති හෙළ බොජුන් හලේ සිය කෑම බීම සදා සකස් කර අලෙවි කර මුදල් දමන පෙට්ටිය හෙළ බොජුන් හලට  කෑම බීම සොයා ගෙන පැමිණෙන රිළා රංචුවක රිළවකු විසින් මුදල් ද සමග පැහැර ගෙන ගිය බව එම හෙළ බොජුන්හලේ කෑම බීම සාදා සකස් කර අලෙවි කරන කාන්තාවක් කීවාය.
මධ්‍යම පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන මෙම හෙළ බොජුන් හලේ ප්‍රදේශයේ කාන්තාවන් කීප දෙනකුම කෑම බීම සාදා හෙළ බොජුන් හලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කරමින් සිය ජීවිකාව ගෙන යන අතර, ඉකුත් දිනක හෙළ බොජුන් හල අසලට දිනපතා කෑම බීම සොයාගෙන පැමිණෙන රන්දෙණිගල රන්ටැඹේ අභය භුමියේ සැරිසරමින් සිටින රිළා රංචුවක රිළවකු හෙළ බොජුන් හලේ කාන්තාවක කෑම බීම සාදා අලෙවි කර මුදල් දමන පෙට්ටිය මෙසේ මුදල් ද සමග පැහැර ගෙන ගොස් ඇත.


මහනුවර බදුල්ල රන්දෙණිගල මහවැලි රජ මාවත මාර්ගය ඔස්සේ දිනපතා මෙන්ම සති අන්තයේ දෙස් විදෙස් සංචාරකයන් විශාල ලෙස කතරගම, මහියංගණය, බදුල්ල, අම්පාර, මඩකලපුව, මොණරාගල, පොලොන්නරුව ආදි ප්‍රදේශ ගණනාවක් කරා ගමන් කරන අතර එසේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් මෙම බොජුන් හලට පැමි‍ණ කෑම බීම ලබාගෙන යන අතර එසේ දෙස් විදෙස් සංචාරකයන් කෑම බීම ලබාගැනීමෙන් පසු ඒවාට ගෙවන මුදල් දමන පෙට්ටිය රිළා රංචුවක රිළවෙකු විසින් මුදල් ද සමග ඉකුත් දිනක පැහැර ගෙනයාමෙන් පසු මේ වනතෙක්ම සොයා ගැනීමට නොහැකි වී ඇත.
රන්දෙණිගල රන්ටැඹේ අභය භූමියේ සැරිසරමින් සිටින රිළා රංචු දිනපතාම මෙම බොජුන්හලට කෑම බීම සොයාගෙන පැමිණෙන අතර, එසේ පැමිණෙන රිළා රංචු බොජුන් හලේ කෑම බීම සාදා දෙස් විදෙස් සංචාරකයිනට අලෙවි කරන කාන්තාවන් සමග හිතවත්වී කෑම බීම පවා ලබාගන්නා බවත් එහෙත් මෙම රිළා රංචු අතර සිටින සමහර රිළා රංචුවල රිළවුන් හෙළ බොජුන්හලේ  කෑම බීම සාදා සකස් කර අලෙවි කරන කාන්තාවන්ගේ ඇඟ මතට කඩා පැනීමට පවා සූදානම් වන නිසා තමන් මහත් බියට පත්ව සිටින බව එම බොජුන්හලේ කෑම බීම සාදා අලෙවි කරන කාන්තාවෝ පවසති.


එම නිසා මෙම හෙළ බොජුන්හල අසලට කෑම බීම සොයාගෙන රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමියේ සිට පැමිණෙන රිළා රංචුවල සිටින සමහර රිළවුන්ගෙන් තමන්ට අනතුරක් විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස අදාළ ආයතනවලින් මෙන්ම වගකිව යුතු බලධාරින්ගෙන් මෙම බොජුන්හලේ කෑම බීම සාදා අලෙවි කරන කාන්තාවෝ ඉල්ලා සිටිති.

වලපනේ අරුණ ඩයස්

 



අදහස් (0)

රිලවා හෙළ බොජුන් හලේ සල්ලි පෙට්ටයට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 902 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site