බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකට අයත් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට සමීපව කළුතර නගරය පසුකර යන විට ඇති ආදාහනාගාරයක සේවය කරන ආදාහනාගාර සහායකයකු අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානියාගෙන් තමන් වාඩි වී සිටින වේවැල් පුටුව සහ ලී මේසය වෙනුවට කැරකෙන පුටුවක් හා ඊට ගැළපෙන මේසයක් ඉල්ලූ පුවතක් වාර්තා වෙයි.
ආදාහනාගාර සේවයේ යෙදෙන සේවක මණ්ඩලයට එම කාර්යයන් නොමැති වෙලාවට වාඩිවී සිටීමට පුටු, මේස ලබාදී තිබියදී රාජ්‍ය ආයතනවල අමතර වියහියදම් කප්පාදු කර තිබෙන මෙවන් යුගයක අදාළ සේවකයා තමන්ගේ තරාතිරමවත් නොදැන රුපියල් ලක්ෂ ගණනක කැරකෙන මේස පුටු ඉල්ලා තිබීම හාස්‍යයට කරුණක් බව දැනගන්නට ලැබුණි.
වසර ගණනාවක් එම ආදාහනාගාරයේ සේවයේ නියුතුව සිටි පුද්ගලයා මෑතකදී විශ්‍රාම යනතෙක්ම මෙම මේස පුටු භාවිතා කර එහි සේවය හැර ගොස් තිබේ.
මෙම ආදාහනාගාර සහායක තනතුරේ මේ වන විට සේවය කරන නවකයාගේ ඉල්ලීම අංශ ප්‍රධානින් ඉටුකර නොමැත්තේ ආයතන සංග්‍රහයට පවා පටහැනි ක්‍රියාවක් වන බැවිනි.
කම්කරු වෘත්තියේ සේවකයකු වන මොහු ප්‍රධාන කාර්යාලයේ කළමනාකරණ සේවයේ නිලධාරීන්ට ලබාදෙන මේස පුටු තමාට ද අවශ්‍ය බව කී කතාව අනෙකුත් සේවකයන් අතර පැතිර යාමෙන් ඉඳහිට අනෙකුත් සේවකයන් ‘මොකද මචං තාම කැරකෙන්න පුටුවක් ලැබුණේ නැද්ද?’ යනුවෙන් විමසද්දී ඔහුට මල පනිනවා ලු.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
2025 දෙසැම්බර් මස 16
100
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
901
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආදාහනාගාර සහායකයා සොහොන් ගෙට කැරකෙන පුටු මේස ඉල්ලලා