IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආච්චි ගේකින් ඉස්සු බෝතලෙන් පාසල් යන මුනුබුරා පාටි දමලා

අවිස්සාවේල්ල විශේෂ - සෝමසිරි හිඟුරලආරච්චි
මිත්තණිය සිය සේවා ස්ථානයෙන් සොරා ගෙනවිත් නිවස තුළ සඟවා තිබූ මත්පැන් බෝතල්වලින් එක්ක මුනුබුරා සොරාගෙන මිතුරන් සමග පානය කර යකා නැටීමේ සිද්ධියක් වාර්තාවෙයි.
සිද්ධිය මෙසේය.
මිත්තණිය කොළඹ වතු බංගලාවක සේවිකාවකි.


ලංකාවේ වතුවල සේවය කරන උසස් නිලධාරින් ද ඇතැම් වතුවල හිමිකරුවන් ද යම් යම් සාද සහ විශේෂ සාකච්ඡා සඳහා මෙම බංගලාව තෝරාගෙන එකතුවීම සිරිතකි. එවැනි අවස්ථාවල දී බංගලාවේ සේවයේ යෙදී සිටින මෙම සේවිකාවට සුවිශේෂි තැනක් හිමිවී තිබිණි. ‘අපට විශ්වාසම තැනැත්තියක බව පවසමින් එහි නිලධාරින් පවා හඳුන්වා දීම් කර තිබිණි. 
උත්සව අවස්ථාවල දී ඇයගේ උපදෙස් මත එම කටයුතු කිරීමට පාලකයන් එක්තරා අයුරින් ඇයට බලය පවරා දී තිබිණි. ඒ නිසා ඇයට මෙම ස්ථානයේ පාලනය පිළිබඳ ප්‍රායෝගික විශේෂඥ දැනුමක් ද විය.


සෑම උත්සවයක් අවසානයේ ඉතිරිවන ප්‍රනීත කෑම වර්ග පමණක් නොව මත්පැන් සහ බීර බෝතල් ද ඇයගේ නිවෙසට හොර රහසේම ගෙන යාමේ පුරුද්දක් ද ඇයට විය. 
පසුගිය දිනක එසේ ගෙන ගොස් නිවසේ සඟවා තිබුණ විදේශීය මත්පැන් බෝතලයක් පාසල් යන සිය මුනුබුරා සොරාගෙන ඇත්තේ ඉතාම සූක්ෂම ලෙසය. 
ඔහු සොරාගත් මත්පැන් බෝතලය එම විදුහලේ 10 වැනි ශ්‍රේණියේ හා 11 වැනි ශ්‍රේණියේ සිසුන් 10 දෙනකු එක්ව කැලණි වැලි දුම්රිය මාර්ගයේ පාළු ස්ථානයක සිට පානය කළේ විශාල සාදයක් ලෙසිනි. 
මත්වී සිහිවිකල්ව දුම්රිය මාර්ගයේ සී සී කඩව වැටී සිටියේ හදිසියේ දුම්රිය පැමිණියහොත් එයින් විශාල අනතුරක් වන අයුරින් බව ද පැවසේ. 
දුම්රිය මාර්ගයේ ගමන් ගත් වැඩිහිටි පිරිසක් මේ සිසුන් දැක සොයා බලා හැඳිනගෙන මවුපියන්ට හා බලධාරීන්ට දැන්වීම නිසා විශාල අනතුරකින් සිසුන් ගලවා ගැනීමට හැකිවී ඇතැයි ඔව්හු පවසති.



අදහස් (0)

ආච්චි ගේකින් ඉස්සු බෝතලෙන් පාසල් යන මුනුබුරා පාටි දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 902 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site