‘මුල් මාස පහේදී පාස්පෝට් 288,645 නිකුත් කරලා‘ මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 02 June 2022
හැටන්-ඩයගම මාර්ගයේ ගමනාගමනයට බාධා තේ කුඩු කිලෝ දස දහසක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අනතුරට පත්විමෙන් හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ රථ වාහන ගමනා ගමන කටයුතු අද (02) අලුයම සිට අඩාලවී ඇති බව ආගරපතන පොලිසිය පැවසිය. 02 June 2022
පළාත් රැසකට අදත් විටින් විට වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2022
කැංගරුවෝ දිවයිනට ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණියහ . 02 June 2022
නාගොඩ රෝහලේ ඉහළමහලෙන් වැටි රෝගියෙක් මරුට නාගොඩ මහරෝහලේ ඉහළ මාහලින් රෝගියකු ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. 02 June 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැඩ අරඹයි කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (1) පස්වරුවේ නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 June 2022
මත්පැන් මිලත් නගී වැට් බද්ද වැඩි කිරීමෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. 01 June 2022
රටපුරා ප්රචණ්ඩ ක්‍රියා: විමර්ශනයට ජනපති කොමිසමක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා දක්වාවූ කාලයේදී සිදුවූ ගිනිතැබීම් මංකොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරික්ෂණ කොමිෂන් සභාවක් අද (1) පත් කරනු ලැබීය 01 June 2022
බම්බලපිටියේදී බ්රේක් නැතිව වාහන 13 ක් හප්පලා බම්බලපිටිය වජිර පාරෙදි මෝටර් රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා වාහන 13 ට ගැටී අනතුරක් සිදුව ඇති බව බම්බලපිටිය පොලීසිය කියයි . 01 June 2022
රංජන් නිදහස් කරන්නැයි නිහඩ විරෝධතාවක් සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස බලකරමින් සමඟි ජනබලවේගය පක්ෂයේ තරුණ සංවිධානය වන ‘සමඟි තරුණ බලවේගය’ වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට නිහඩ විරෝධතාවක් අද (1) පස්වරුවේ පැවැත්වීය. 01 June 2022
සිකුරාදාට කම්කරු කාර්යාලය වසයි රජයේ වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස ලබන 3 වැනිදා සිට සෑම සිකුරාදාම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි. 01 June 2022
ඖෂධ හිඟය ගැන කෝප් කමිටුවෙන් අනාවරණයක් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් තිබුණත් එම මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් කඩිනමින් නොයෙදවීම නිසා රටේ ඖෂධ හිඟය ඇතිවූ බව විමර්ශනවලදී තහවුරු වූයේ යැයි රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) පවසයි. 01 June 2022
අටලුගම දැරිය ඝාතනයේ සැකකරු 9 තෙක් රිමාන්ඩ් බණ්ඩාරගම , අටුලුගම ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු , තවදුරටත් ජුනි 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 01 June 2022
21 සංශෝධන කෙටුම්පතට ස්වාධීන පක්ෂ එකමුතුවෙන් යෝජනාවලියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ එකමුතුව මගින් ද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. 01 June 2022
දුමින්ද සිල්වා අත්අඩංගුවට ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගක කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 June 2022
වෘත්තියවේදීන්ගෙන් ජනපතිට යෝජනාවලියක් වර්තමාන දේශපාලන හා ආර්ථික ප්රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ යෝජනාවලියක් වෘත්තීයවේදීන් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී ඊයේ (1) පෙරවරුවේ බාරදෙනු ලැබීය. 01 June 2022
භාණ්ඩ 369 ක් ආනයනයට අවසර ආනයන පාලක බලපත්‍රයක් රහිතව එච්.එස්. කේත 369 කට අදාල භාණ්ඩ ආනයනයට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 01 June 2022
ඇමැති ජොන්ස්ටන් සැකකරුවකු ලෙස නම්කරයි ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහතා සැකකරුවකු ලෙස නම් කරන බව නීතිපතිවරයා අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය. 01 June 2022
මහ කන්නෙට යූරියා දෙන්න ලෝක බැංකුව එකඟ වෙයි මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ආධාර කිරීමට ලෝක බැංකුව පොරොන්දු වුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 01 June 2022
කිරිඇල්ල ආපදා සහන සේවා නිලධාරියා සැඩ පහරකට හසුව මරුට රත්නපුර ප්‍රදේශයේ ගංවතුර ආපදා තත්වය නිරීක්ෂනය කිරීමට ගොස් සිටි කිරිඇල්ල ආපදා සහන සේවා නිලධාරීවරයා සැඩ පහරකට හසුව ගසාගෙනයාමෙන් මරණයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 June 2022
‘කැබිලිත්තේ ඉඩම් අල්ලන අය අත්අඩංගුවට ගන්න‘ කැබිලිත්ත වන රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින අය අත්අඩංගුවට ගෙන නීති පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මොණරාගල දිස්ත්‍රිකය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද(1) උපදෙස් දුන්නේය. 01 June 2022
ඇමතිධූර ගන්නා ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයට පටහැනිව යමින් රජයේ අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කරන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 01 June 2022
ආයතන 13ක ප්‍රධානීහු ලබන සතියේ කෝප්, කෝපා කමිටු හමුවට ලංකා විදුලිබල මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 13 ක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව )සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවට ලබන සතියේ කැදවෙති. 01 June 2022
වැස්සෙන් 12,326ක් පීඩාවට දිවයිනේ ප්‍රදේශ රැසකට බල පෑ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක පවුල් 2,672 කට අයත් 12,326 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 June 2022
පෞද්ගලික බස් සඳුදා සිට ධාවනයෙන් ඉවත්වෙයි බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් ලබන සදුදා (6) සිටි සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. 01 June 2022
කන්ටේනර් 800ක් වරායේ හිර වෙලා විවිධ භාණ්ඩ කන්ටේනර් 800කට ආසන්න ප්‍රමාණයක් රේගු පරීක්ෂණ අවසන් නොවීම හේතුවෙන් කොළඹ වරායේ වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සිරවී පවතින බව වාර්තා වේ. 01 June 2022
නැව් සමාගම්වලට කෝටි 2520ක පොල්ලක් ලබාගත් භාණ්ඩ ප්‍රවාහන සේවා වෙනුවෙන් නැව් සමාගම්වලට රුපියල් කෝටි දෙදහස් පන් සිය විස්සකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැති හෙයින් එම මුදල් ඉදිරියේදී ගෙවීමට නොහැකි වුවහොත් මෙරටට භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව වාර්තාවේ. 01 June 2022
සිගරැට් මිල අද ඉහළ යයි සියලුම දේශීය සිගරැට් වර්ගවල මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 01 June 2022
දුමින්ද සිල්වා ජපුර රෝහලේ ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ. 01 June 2022
දුම්රිය නිල ඇඳුම් සේවා අරමුදලෙන් නීති විරෝධීව දීමනා අරන් දුම්රිය නිල ඇඳුම් සේවා අර්ථසාධක අරමුදලේ සභාපතිවරයා සහ ලේකම්වරයා නීති විරෝධීව ලබාගෙන ඇති රුපියල් ලක්ෂ 6 කට අධික මුදල නැවත අයකරගත යුතු බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය පරීක්ෂණයකින් පසුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නිර්දේශ කර තිබේ. 01 June 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026