
(අංජුල මහික වීරරත්න)
කැබිලිත්ත වන රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින අය අත්අඩංගුවට ගෙන නීති පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මොණරාගල දිස්ත්‍රිකය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (1) උපදෙස් දුන්නේය.
වගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බවට වන සංරක්ෂණ අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි පදනම් කර ගනිමින් අමාත්‍යවරයා මෙි උපදෙස් ලබා දුන්නේය.
කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ වගාව සඳහා කැබිලිත්ත වනයෙන් පිටත අක්කර 25,000ක ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇතත් ඒවා වගා නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට ඇතැමුන් උත්සාහ දරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සර් ඔය කැබිලිත්ත දේවාලයට ආසන්නයේ යුදහමුදාව දාලා සුවිශාල මාලිගා හදන අය අත්අඩංගුවට ගන්නේ කවදාද...?
ඔතන හමුදාවෙන් හදන අප්පච්චිගේ පුතාගේ බංගලාව අල්ලපියෝ...
අනිවාර්යෙන් අල්ලන්න ඔන යාල කියනෙ රටේ ජීවනාලියක් උපරිම දඩුවම් දෙන ඇමතිතුුමා ඔබට ගොඩක් පින් කතරගම දෙවි පිහිටයි.
ඔය බේබිලගේ මාලිගාවලට ඇඟිලි ගහන්න ගියොත් වෙන්නේ අර වීරවංශගේ පවුලට වුණු දෙය... දෙන දෙයක් කාලා උඩබලාගෙන ඉන්න. ඔය පළාතේ බේබිලාගේ ආවතේව කම් කරන, වැලිකාරයින්, පස්කාරයින් සහ අර ජූලම්පිටිය අමරෙලගේ, තංගල්ලේ සභාපතිලගේ ජාතියේ මිනිස්සු ගොඩක් ඉන්නවා. බේබිලට සල්ලිත් තියෙනවා. ඔවුන් ඇවිල්ලා ඔබතුමා සහෝදරයාගේ නමින් ඉදිකරපු සුඛෝපභෝගී හෝටල්, ඔබතුමාගේ පෙට්‍රල් ෂෙඩ් ඉස්සරහ උද්ඝෝෂණය කරලා, ඒවා කඩාබිඳ දමලා ගිනි තියාවි.