(නිමල කොඩිතුවක්කු)
බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් ලබන සදුදා (6) සිටි සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය.
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගනනා බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවත් ඔහු පැවසීය.
ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් විජේරත්න මහතා කීවේය.
මගී බස් රථ සඳහා මේ සතිය තුළ ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබා නොදුනහොත් සදුදා සිට බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි වැඩක්නේ... දෙන්නෙක්, තුන්දෙනෙක් යන පොඩි වාහනවලට වඩා බස්වලට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. තියෙන තෙල් ටිකෙන් වැඩි මිනිස්සු ප්‍රමාණයක් ප්‍රවාහනය කරන එක තමයිමේ වෙලාවේ කරන්න ඕනේ...
තිරික්කලෙන් යන යුගය වැඩි ඈතක නැහැ වගේ...!
අර්ධ සුඛෝපභෝගි කියලා නම දාගෙන. ආසන ගණනට වඩා මිනිස්සු ගෙනියන පුද්ගලික බස් නැත්තටම නැතිකරලා C.T.B එක විතරක් ගොඩදාන්න ඕනෑ.
පොදු ප්‍රවාහනය හරියට තියෙනවා නම්, පුද්ගලික වාහන අඩු කරන්න පුළුවන්. නමුත් ඉතින් රස්සාව කරලා 6 පහු වුණාම යන්න විදියක් නැතිවෙනවා. හරි ප්‍රවාහන ක්‍රමවේදයක් නැති නිසා. පුද්ගලික බස් තියා රජයේ බස් වත් නැහැ... ඒවාට විසඳුම් නැතිව පුද්ගලික වාහන භාවිතය අඩු කරන්න බැහැ...!
සර් ෆේල් කියලා කියනකොට බමුණාවගේ ජාතිවාදය ඇවිස්සුවා... දැන් සැපනේ..?
අමාරුවෙන් හරි කැපවීමෙන් රටට වැඩ කරන්න බලන්න. එහෙම කළාම රටක් වශයෙන් ගොඩයන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න නැතිකරලාම දාන්න පුළුවන්. කණගාටුව ඔහෙලා නිතරම බලන්නේ අනිත් විදිහටනේ... අවදි වන්න ඔබ ලාංකිකයෙක් නේද? ව්‍යාපාරිකයෙක් වුණාට...
ලෝකයේ උගත් නායකයෝ ඉන්න රටවල්වල ඉන්ධන මිල වැඩිවෙනකොට පොදු ප්‍රවාහන ගාස්තු අඩුකර, එතකොට පාරේ ධාවනය වන පුද්ගලික වාහන ප්‍රමාණය අඩුවෙනවා. ඉන්ධන පිරිමැහෙනවා. උදාහරණයකට නවසීලන්තය අරන් බලන්න. අවාසනාවකට අපේ රටේ උගත් පාලකයින් නැත...
අනිවාර්යයෙන් බස් රථ සඳහා ඉන්ධන වරප්‍රසාදය දිය යුතුයි.
බස් රථ සහ වෑන් රථ සඳහා ඩීසල් කලින් තිබූ මිල රු 121/- ලබාදී එම මිලට එදා තිබූ බස් ගාස්තු, පාසල් ප්‍රවාහන ගාස්තු සහ වෑන් රථ සඳහා අයකළ ගාස්තු පමණක් අයකරගත යුතුයි. මෙය වංචාවක් නොවන ලෙසට ක්‍රියාවට නැගීමට සියල්ල වගබලාගතද යුතුයි. නවීන තාක්ෂණය භාවිතාකොට මේ සඳහා ඇප් එකක් සැකසිය හැකියි. මේ අනුව රජයට සිදුවන පාඩුව පාඩුවක් කරනොගෙන එම අලාභය සියලුම කාර් ඇතුළු සුඛෝපභෝගී වාහන වලට ඉන්ධන සැපයීමේදි අය කරගත යුතුයි.. (සියලුම පෙට්‍රල් වාහන සඳහා අයකරගත්තද කම් නැත) එමගින් ඉන්ධන පරිභෝජනය පහත දැමිය හැකි වන අතර ජනතාවට අඩු මුදලකට පොදු ප්‍රවාහන සේවය (AC බස් ඇතුලුව) පාවිච්චි කළ හැකිය. මෙමගින් ආනයනය කළයුතු ඉන්ධන තොග ප්‍රමාණය අවම කර ගැනීමටද හැකිවනු ඇත. ප්‍රවාහන ඇමතිතුමනි, මෙය ඔබේ අවධානයට...!
බස්වලට ඩීසල්ටික දීල බස්ටිකවත් හරියට ධාවනය කරන්න ඉඩදෙන්න බැරි ගෝටගෙ ආණ්ඩුව ගෙදර යනු.