රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පරික්ෂණයට
අධිකරණය අපහාස කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට ලබන මස 4 වැනිදා සහභාගි වන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය.