(අජන්ත කුමාර අගලකඩ)
තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
තමා එම අසීරු තීන්දුව ගත්තේ රට වෙනුවෙන් බවත්,රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර, විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ විශ්වාසය මත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඔහුට සහාය ලබාදෙන බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවංක, නිර්භීත, තම නෑදෑයින්ට වඩා රට ගැන හිතන, දූරදර්ශී නායකයෙකුට නේද මේ කොල්ලො ගෝ හෝම් කියන්නෙ
මම හිතුවෙ ලසන්ත වික්‍රමතුංග මැරීම , පොහොර එක දවසෙන් නවත්තල මිනිස්සු බඩගින්නෙ මැරෙන්න සැලැස්සීම වගේ ඒව තමයි. අමාරුම තීරණ කියල. දැන් බැලුවම අමාරුම තීරණයත් පවුල වෙනුවෙන්ම තමයි. හම්ම්
අනේ ඔයාට කියන්න වචන එන්නෙ නෑ. වචන හිරවෙනව.
ඔය අමාරු තීන්දුව විතරක් නෙවෙයි. සමස්තයක් වශයෙන් පවුලේ සාමාජිකයින් ඔක්කොම මුලින්ම අයින් කලා නං අද ඒ අයත් සතුටින් ඉන්නවා. ඔය වගෙ විනාසයක් වෙන්නෙත් නෑ. මහින්ද මහත්තයත් ජාතික නායකයෙක් විදියට සදාතනික ගෞරවයට පාත්‍ර වෙනවා. අපි චන්දෙ දුන්නෙ දේශපාලනේ නොකරපු මිනිහෙකුට මේ රටේ ජනතාව එක්ක අලුත් ගමනක් යන්න මිසක් කපුටු පරම්පරාවක් එක්ක නිදියන්න නෙවෙයි.
ඝෝටගම කොල්ලෝ ටික නොහිටිය නම් රට ගැන හිතන හැටි බලාගන්න තිබුන කොහොමහරි අන්තිමට රනිල්ගේ නැට්ටේ එල්ලිලා හරි ටිකකට ගැල උනා. නැත්නම් බිත්තියටම හේත්තුවෙලා යන එන මං නැතුවනෙ. හිටියේ අන්තිමට පොර ටෝක් දිදී හිටපු කෙනා මට වැරදුනා කියන ගානට වැටුන නෙව. කොක්කෙකෙන්රි කෙකෙන් හරි ජනතාවට ඕන දේ වෙනවා නම් එච්චරයි ( මේක මම විතරක් කියපු එකක් නෙමි ලඟදි ඇමෙරිකානු තනාපතිනියත් කියල තිබුන දෙයක් )
අපිටත් තව අසීරු තීන්දුවක් ගන්ඩ තියනව.
ඔයා තීරණ ගන්නව නම් අපි දැක්කෙ නෑ. මිනිසුන්ගෙන් ගුටි කන්න වෙනවට ගිහින් හැංගුනා කියලනම් දැක්ක.
ඔබ ගත්තු තීරණයක් නෙවෙයි. තරුණ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අරගලයයේ ප්‍රතිඵල. ඔබ අපේ රටේ නායකය විදියට ලජ්ජා වෙන්ඩ.
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු...!
ඔබගේ අවංකකමට සහ අවංකභාවයට අපි ගරු කරමු.
ඔහේවයි, ඔහේගෙ සනුහරේ අනිත් අයවයි අයින් කර ගන්න නම් අපිට කිසිම අමාරුවක් නැතිව කරගන්න පුළුවන්.
ගෝටා දැන්වත් අනේ යන්න ගෙදර. නිකන් බයිල ගහල කාලය කා දාන්නෙ නැතිව. අපිට දැන් ඔයාව තිත්තයි. මූණ දැක්කම අප්පිරියයි. බොරු බේගල් , රැවටිළි, කයිරාටික කම් දැකල අහල දැන් ඇති . කරුණාකරල යන්ඩ ගෙදර . ගෙදර ගිහින් පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න. රට විනාශ කරන්නෙ නැතිව.
එක්තරා රටක ගොබ්බසේන කියලා රජතුමෙක් හිටියා. ඔහුගේ උපදේශකයෝ වෙලා හිටියේ ලෝක හොරුන්... ගන්න තරමක් ගත්තේ ගොබ්බ තීරණ. කන්න බොන්න නැති වුණාම රටවැසියන් ඇවිත් මාලිගාව වටකරගත්තා.