(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශයට අද (31) පෙරවරුවේ ඇඳහැලුණු අධික වර්ෂාවෙන් බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල ජලයෙන් යටවීමෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත විය.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාවේ දිසා 3 කාර්යාලය සහ ගිනිනිවන හමුදාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පැය දෙකක පමණ කාලයකදී විභාගය පැවැත්වීමට හැකි ආකාරයට පාසල සකස් කර දුන් බව එම විදුහලේ විදුලිපතිනී චම්පිකා වීරතුංග මහත්මිය පැවසුවාය.
එහිදී ගිනිනිවන හමුදාව පාසල තුළ රැදී තිබූ ජලය නළ හරහා පිටතට පොම්ප කළ බව කී විදුල්පතිනිය කොළඹ නගර සභාවේ සේවයකන් කාණු පද්ධතියේ අවහිර වී තිබූ ස්ථානයවල අවහිරතා ඉවත් කළ බව ද සඳහන් කළාය.
දරුවන්ට පාසලේ ප්‍රධාන දොරටුවේ සිට විභාග මධ්‍යස්ථානය වෙත යෑමට ගිනිනිවන හමුදාවට අයත් රථයක් ලබාදුන් බව ද විදුල්පතිනී චම්පිකා වීරතුංග මහත්මිය කීය.
කොළඹ අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී. එන්. සිල්වා මහතාගේ ද අධක්‍ෂණයෙන් ක්‍රියාත්මක වූ මෙම ක්‍රියාදාමය නිසා කිසිඳු ප්‍රමාදයකින් තොරව විභාගය ආරම්භ කිරීමේ අවස්ථාව ලැබුණු බව ද විදුහල්පතිනිය වැඩි දුරටත් සඳහන් කළාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මහවැස්සෙන් සා.පෙළට බාධා
jayasekara Tuesday, 31 May 2022 04:50 PM
කෝ අර ස්ටාලින් සෙට් එක .පඩි වැඩි කරගෙන දැන් බුදි ඇති