(එච්. චන්දන)
දීර්ඝ කාලයක් තිස්සේ සිට පැවැති පවුල් ආරවුලක් දුර දිග යාමෙන් සැමියාගේ පිහිපහරින් බිරිය සහ බිරයගේ සහෝදරයකු මියගොස් ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි.
සිද්ධියෙන් මරමුවට පත්වී ඇත්තේ නවගත්තේගම - මුල්ලේගම පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ අනුෂා කුමුදුනී (අවු:25) සහ දිසානායක මුදියන්සේලාගේ අනුර සම්පත් (අවු:32) නම්වූ දෙදෙනෙකි.
මියගිය කාන්තාව සහ පහරදුන් බව කියන සැමිය වෙන් වෙනව ජීවත්ව ඇති බවට මූලික පරීක්ෂණවලින අනාරණය වි ඇත.
මිය ගිය කාන්තාවගේ සැමියා ඇය පදිංචිව සිටි නිවසේ වහලයේ සිටිනවා දැක එම කාන්තාව කෑ ගසා ඇති අතර එම ශබ්දයට අසල නිවෙසක පදිංචි මියගිය කාන්තාවගේ සහෝදරයා ද එම ස්ථානයට පැමිණි ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ඇති වූ ගැටුමකින් තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ බිරිය සහ ඇගේ සහෝදරයා මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd