(ඩයනා උදයංගනී)
පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හා රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එමගින් රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ 'අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්" ව්‍යාපෘතිය යටතේ සලසා ගැනීමට නියමිතය.
සමෘද්ධි ලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයන්ට හා රාජ්‍ය සේවකයන්ට 2022 වසර ආරම්භයේ රජය හඳුන්වා දුන් සහන පැකේජයට අවශ්‍ය වියදම් ද මෙමගින් සපුරා ගැනීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනවනම් දෙන්න මේ වෙලාවෙ රටේ ඉන්න ඔක්කොම පුරවැසියන්ට සහන. හැමෝම අමාරුවෙන් ඉන්නෙ මේකාලෙ.
ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට සර්වපාක්ෂික ආණ්ඩුවක් මගින් කලයුතුබව පළමුව යෝජනා කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. අගමැතිවරයා සමග එකග තත්වයකට පැමිණ සියලු පක්ෂ එක්ව ආර්ථික අර්බුදයට විසදුමක් ලබාගැනීමට කට යුතුකලයුතුවේ. මේ අවස්ථවේ ජනාධිපතිවරයා අගමැතිවරයාගේ නායකත්වයෙන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සදහාත් අවශ්‍ය තීන්දු ැනිම සදහාත් නිදහස ලබාදී තිබෙන අවස්ථවක සියලු පක්ෂ එක්ව කටයුතු කල යුතුවේ. ජනාධිපතිවරයා පිටත්වන දිනය හෝ කාලසීමාවන් ඉල්ලා සිටීම වෙනුවට අගමැතිවරයාගේ නායකත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට කොන්දෙසි විරහිතව ඉදිරිපත් විය යුතු වේ. ජනතා ප්‍රශ්ණ විසීමට කොන්දේශි ඉදිරිපත් කරමින් සිටිනා කිසිවකු යලිත් ජනතවගේ නියෝජිතයන් වීමට අවශ්‍ය නැත.