
මහ වැසි ඇද වැටුණ කල මහ මග වැසෙන
සොහොයුරු සෙනෙහසින් හදවත තුළ මැවුන
සිසුනට විභාගෙට යන නිසි මග සදන
රණවිරු පුතුට ඇත සිව් දෙවි රැකවරණ
(පද ආරියසේන හඳුවල ඡායා බන්දු තඹවිට)
දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද සහ පහත් බිම් රැසක ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.
කළුතර,රත්නපුර,ගාල්ල,කළුතර,මාතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මෙම තත්ත්වය බලපා තිබුණි.
මේ හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ද මහත් අපහසුතාවයට පත්ව සිටි අතර ඔවුනට විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යාමට යුද හමුදාව නාවික හමුදාව පියවර ගෙන තිබුණි.
රත්නපුර දිස්ත්‍රික්කයට ඊයෙ රාත්‍රියේ සහ අද දින උදෑසන සිටම ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම, ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම කරා ළඟා වෙමින් වාර්තා වෙයි.
මේ වන විට එනම් , රත්නපුර නගර ආසන්නයේ කළු ගගේ මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව කළු ගඟේ ජල මට්ටම මීටර් 04.98 ක් වේ.
මේ වන විටත් සිරිපා අඩවිය, පලාබද්දල, රත්ගඟ, මාපලාන, එරත්න, ඉඳුරුව යන ප්‍රදේශවලට අධික වැසි ලැබෙමින් පවතී. මේ තත්ත්වය තුළ කළු ගඟේ සහ අතු ගංගාවල ජල මට්ටම් තව තවත් ඉහළ යාමේ හැකියාවක් පවතී.
කළුතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන තව වාරෂාව හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන 5.45 වන විට විවෘත කර ඇති බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .
ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් රැසකට ඇද හැළෙන තද වර්ෂාව නිසා තවලම සහ නෙළුව ප්‍රදේශයට ගංවතුර අවදානමක් පවතින නිසා යුද හමුදාව ඇතුළු සහනය කණ්ඩායම් යෙද වූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.


පියරත්න ජයවික්‍රම

කුකුලේ ගඟ (ලක්ෂ්මි කුඩලිගම)

ගාල්ල (ඩි.ජී.සුගතපාල)

2025 දෙසැම්බර් මස 18
279
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රණවිරු පුතුට ඇත සිව් දෙවි රැකවරණ
Senerath Thursday, 02 June 2022 09:13 AM
මේ රණවිරුවන්ට සියලු දෙවි රැකවරණය ලැබේවා.