(අංජුල මහික වීරරත්න)
අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් අද (30) පස්වරුවේ සිදු කෙරිණු අතර එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රතිඥාව ලබාදී ඇත.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් ද මෙම දුරකථන සංවාදයේ දී කර තිබේ.
එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවෙි අපනයන මූලික කරගත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලබාදෙන බවයි.රනිල් වික්‍රමසිංහ මහතා 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම සම්බන්ධයෙන් මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සුභ පැතුම් පළ කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අගමැති රනිල්ට පොරොන්දුවක්
Bamunuarachchi Tuesday, 31 May 2022 08:04 AM
අපේ තේවතු ටික නැවත පාලනයට ගන්නකියන්න. නැවත ශ්‍රී ලංකාවේ ආයෝජනය කර මහා පරිමානයේ කර්මාන්ත ශාලා ඇති කරන්න කියන්න. මේ හැමදෙයම වෙන්න නම් හෙට අනිදා පරමාණු බෝම්බයක් ටෙස් කරන දිවයිනකට ජෙප්පෝ රටින් පටවන්න .