
(යොහාන් භාසුර)
අධිකරණය අපහාස කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට ලබන මස 4 වැනිදා සහභාගි වන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය.
රන්ජන් රාමනායක බන්ධනාගර ගත වීමෙන් පසු විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීමෙන් අනතුරුව අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක මහතා විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවත් චන්දන ඒකනායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මගුල කළත් අල්පොන්සෝ අල්පොන්සෝම තමයි. ඒ ලෙවල් තම ආගම පාස් වෙන්න බැරිවුණු මිනිහා ශාස්ත්‍රවේදී උපාධි කරන්න යන්නේ ආට් ක්ලාස් එකකට යන්නකෝ...!
හොඳ ආදර්ශයක්...!!
රන්ජන් වෙනුවෙන් Dr. භාග්‍යා රහස්‍ය කැමරාව පැළද සිටින්නේද ?
සුබපැතුම්