(යොහාන් භාසුර)
රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්යාලයීය නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තලෙයිමන්නාරම තම්මැන්නා කඳවුරට අනුයුක්ත නැවියන් පිරිසකගෙන් උතුරු මැද නාවික මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව තලෙයිමන්නාරම මුහුදු තීරයේදී මෙම රත්රන් තොගය සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවටගත් බවත් කිලෝග්‍රෑම් 1.912 ක බරකින් යුතු මෙම රත්තරන් තොගයේ තක්සේරු වටිනාකම රුපියල් 43,208,000 ක් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම රත්තරන් තොගය නීති විරෝධීව ඉන්දියාවට ගෙනයාමට සැලසුම් කර තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පුදුකුඩීරුප්පු සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්ය.
සැකකරුවන්ට රුපියල් 750,000 ක දඩයක් පනවා රත්තරන් තොගය රාජසන්තක කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කෝටි 4ක රන් තලෙයිමන්නාරමෙන් අල්ලයි