IMG-LOGO

අඩුපාඩු හැදුවොත් 21ට සජබ සහාය

(නිමල කොඩිතුවක්කු)

විසි එක් වන සංශෝධනය ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කෙටුම්පතේ ඇති ඇතැම් කරුණු පිළිබඳ එකඟතාවයක් නොමැති බව සමගි ජන බලවේගය ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ අජිත් පී පෙරේරා මහතා කොළඹදී අද (30) ප්‍රකාශ කළේය.

රජය සමඟ තිබූ සාකච්ඡාවේදී මෙහි තිබෙන අඩුපාඩු පෙන්වා දුන් බවත් එහි අඩුපාඩු සකස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේදී 21 වන සංශෝධනයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවත් පෙරේරා මහතා පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකි යන්න මෙම කෙටුම්පතට ඇතුළත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරයකින් අවස්ථාව ලබා දිය යුතුය යන්න සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ සමගි ජන බලවේගයේ ස්ථාවරය මෙම රජය ඉදිරියට ගෙන යාවි යන පදනම මත එයට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු එහිදී කීවේය.

අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කෙටුම්පත මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවන දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇතුළත් කරුණු පවා අඩුවෙන් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සංශෝධන වලට යටත්ව සමගි ජන බලවේගය විසි එක් වෙනි සංශෝධනයට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු තවදුරටත් කීවේය.

 



අදහස් (0)

අඩුපාඩු හැදුවොත් 21ට සජබ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 489 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 300 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site