
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා විදුලිබල මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 13 ක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව )සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවට ලබන සතියේ කැදවෙති.
ආයතන 3ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවටද ආයතනය 11ක ප්‍රධානීන් කෝපා කමිටුව හමුවටද මෙසේ කැදවෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කෝප් කමිටුව හමුවට කැදවෙන ආයතන තුන වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය සහ මොරටුව විශ්ව විද්‍යාලයයි.
නාගරික සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව හමුවට ලබන 7 වෙනිදාද මොරටුව විශ්ව විද්‍යාලය ලබන 8 වෙනිදාද විදුලිබල මණ්ඩලය ලබන 9 වැනිදාද කැදවෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
මෙම රැස්වීම් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝපා කමිටුව) ලබන සතියේ කැද වෙන ආයතන සංඛ්‍යාව 10කි.
මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය ලබන 7 වැනිදාද ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව ලබන 8 වෙනිදාද ධීවර අමාත්‍යාංශය ලබන නව වැනිදාද වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සතොස ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ජාතික සමූපකාර සංවර්ධන ආයතනය, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව යන ආයතන ලබන10 වැනිදාද කෝපා කමිටුව හමුවට කැඳවේ.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කෝපා කමිටුව හමුවට මෙසේ කැඳවන්නේ රටේ ආහාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රධානියො කෝටි ගනනක දේපල හම්බකරල තිබෙන්නෙ , ඔකට ඇවිත් පැය 2-3 බැනුම් අහගෙන ඉන්දදල, අන්තිමට අපි මේව කරේ ගොබ්බසේන එහෙම නැතිනම් ඔහුගෙ ලේකම් කෙනෙක්, දුරකතනයෙන් උපදේස් දුන්න නිසා කියල , ඇඟ බේර ගෙන ගෙදර ගිහින් නැවතත් සුපුරුදු පරිදි සැපෙන් ජිවත් වෙන්න පුලුවන්, ගොබ්බසේන සහ ගොලයන් කලේම ගොබ්බ වැඩ නිසා හැමොම එව විශ්වස කරන්ව, එහෙම වුනා කියල නඩු දමන්නෙත් නැහැ හිරෙ දමන්නෙත් නැහැ. වැරදිලාවත්ව එහෙම ප්‍රශ්නයක් වුනොත් ගොබ්බසේනගෙ ගෝලයෙකුට කියල වඩෙ යට ගහගන්න පුලුවන් , හිරේට නියම වුනොත් අර විහිලුවන්සගෙ පවුල කලා වගෙ ඇපීල් කරල ගෙදර යන්න පුලුවන්
මට පෙනෙන විදිහට මේ නිලධාරිනුත් දිගුකලක සිට අඩුවැඩි වශයෙන් විශාල ලෙස මුදල් සහ අනිකුත් රජයේ දේපල ගසාකෑම කරලා තිබෙනවා. නමුත් පසුගිය කාලේ මේවා විශාල ලෙස වැඩිවෙලා තියෙන්නේ නන්දසේන විසින් ලේකම්වරුන් ලෙස පත්කළ වයසක, විශ්‍රාමික හමුදා නිලධාරියෝ මේ විෂය ගැන දැනුමක් නොමැති නිසා නිලධාරීන් විසින් මහා පරිමාණයෙන් ගසාකාලා තිබෙනවා. මොවුන් වහාම අත්අඩංගුවට අරන් නඩු පවරන්න ඕනේ. මේවා සියල්ල කරන්න නම් නන්දසේනගේ බලතල විශාල ලෙස අඩුකරන්න හෝ ඔහු ගෙදර යවන්න වෙනවා.