(ඩයනා උදයංගනී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්‍ෂ එකමුතුව මගින් ද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ යුතු නව කරුණු හතක් සහ සංශෝධන 11කින් යුතු මෙම යෝජනාවලිය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාට යොමු කළ බව එම පක්‍ෂ එකමුතුව පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී වීරසිංහ, යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, විජය ධරණි ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.ඒ.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන් විසින් මෙම යෝජනාවලිය යොමු කර ඇත.
එම යෝජනාවලිය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලී කුවාන් යූ මහතීර් මොහොමඩ් එකතු වෙලාත් බැරි උනානෙ මේ රට හදන්න