(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා දක්වාවූ කාලයේදී සිදුවූ ගිනිතැබීම් කොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරික්ෂණ කොමිෂන් සභාවක් අද (1) පත් කරනු ලැබීය
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ සහ අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස් වසන්ත කුමාර යන මහත්වරු වෙති.
ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටී.
කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්
ජනපති මන්දිරයේදී අද (1) පස්වරුවේ සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමේ අවසන් තීරණය වන්නේ "හනුමා විසින් ගිනි තබන ලදී..."
මේව රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්න කොහොමද??? මේව ආන්ඩුව ගෝල බාලයන්ට බොන්න දීල රට කුලප්පු කරල ඉල්ලම් කාපු දෙයක්.සත පහක මහජන මුදලක් ඕව හදන්න ගන්න එපා.