ජනපතිගේ ආරාධනාව සජබ පිළිගනියි රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිලිගැනීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. 03 August 2022
එජාප හිටපු ප්‍රබල ඇමැති ගුවනින් මන්නාරමට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය. 03 August 2022
අත,පය සහ කට ගැට ගැසූ දැරියක බේරා ගැනෙයි පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි අවුරුදු දහයක් පමණ වයසැති දැරිවියක පාළු හේනක පිහිටි පැලක දැත් දෙපා ගැට ගසා තිබියදී එම දරුවා බේරා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කළ බව කල්ලංචිය පොලීසිය පවසයි. 03 August 2022
අතීතය පසෙක දමා රට ගොඩ නගන්න එකතුවන්න අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 August 2022
මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් අද (3) පැවසීය. 03 August 2022
ජනපති පැමිණේ පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත විය. 03 August 2022
අගමැති පාර්ලිමේන්තුවටට නව සභා වාරය ඇරඹීමෙි උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරු පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වුහ. 03 August 2022
දේවාන්නදාගෙන් යෝජනා 10ක් ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත. 03 August 2022
පාර්ලිමේන්තුව විවෘත කිරීමට සියල්ල සූදානම් නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. 03 August 2022
කඳුළුගෑස් කොල්ල කෑ තවත් අයෙක් මාට්ටු වැලිකඩ පොල්දූව හන්දිය අසල ඉකුත් මස නම වෙනි දින පැවති කලහ කාරී සිදුවීම් අතරතුරදී කඳුළුගෑස් උන්ඩ කොල්ල කෑ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකර පුර අරුණෝදය මාවතේදී එම උණ්ඩ 2 ක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 03 August 2022
මත්කුඩු ගැන හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලේ මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි ජාවාරම්කරුවන් පිරිසකගේ පහරදීමට ලක්ව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 03 August 2022
අදත් තැන තැන තද වැසි නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 August 2022
රැට්ටාට ඇප අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (2) නියෝග කළේය. 02 August 2022
සර්ව පාක්ෂික සාකච්ඡා ඇරැඹෙි සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 02 August 2022
අත්අඩංගුවට නොගන්නැයි ජීවන්ත පීරිස් පියතුමාගෙන් අයිතිවාසිකම් පෙත්සමක් තමන් ත්‍රිවිධ හමුදාව මගින් හෝ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරී අරගල කරුවකු වන ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 02 August 2022
කොරෝනා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 02 August 2022
පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දික්වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දීර්ඝ කරමින් හෙට (3) සිට 5 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 August 2022
මහවැස්සෙන් 11,821 ක් පීඩාවට: 4 ක් මරුට තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බල පෑ ජල ගැලීම් ඇතුළු ආපදා තත්වය හේතුවෙන් සිවු දෙනකු මියගොස්, පවුල් 2,911 කට අයත් 11,821 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 August 2022
මන්ත්‍රී ගෙවල් ගිනි තැබීම ගැන මානව කොමිසම සොයා බැලුවෙ නෑ ප්‍රචණ්ඩකාරීන් විසින් සිය නිවාස ගිනි තබා විනාශ කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇතත් ඒ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම මෙතෙක් හරියාකාරව ක්‍රියාත්මකවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා චෝදනා කළේය. 02 August 2022
බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන පොලිස් මූලස්ථානයෙන් ප්‍රකාශයක් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බොම්බය තැබීමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට පසුගිය රජයේ කිසිදු ප්‍රබලයකු සම්බන්ධ නැති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. 02 August 2022
කොටිකාවත්ත-මුල්ලේරියාව සභාවේ හිටපු උප සභාපති වෙඩි පහරින් මරුට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් (40 ) මහතා මුල්ලේරියාව බැංකුව හන්දියේදී අද (2) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය. 02 August 2022
පොල්ගහවෙල රිය අනතුරකින් එස්.ටී.එෆ්. 8 ක් ඇගලුම් සේවිකාවෝ 7 ක් රෝහලේ රඹුක්කන පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ නාරංබැද්ද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර ආසන්නයේ දී සිදු වු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරින් 8 දෙනෙකු හා ඇගලුම් සේවිකාවන් 7 දෙනෙකු අද (2) වැනිදා පෙරවරුවේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දේවාලේගම පොලිසිය කියයි. 02 August 2022
ලංකාවේ කාන්තාවන් - ළමයින් වෙනුවෙන් නෝර්වෙන් මිලියන 490 ක් ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට සහ යුනිසෙෆ් සංවිධානයට ප්රදානය කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩෙල් මහත්මිය ප්‍රකාශ කළාය. 02 August 2022
පාස්කු ප්‍රහාරය: ජනපති රනිල් වගඋත්තරකාරභවින් ඉවත් කරනවාද නැද්ද?: තීරණය කල්යයි පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම සත්පුද්ගල විනිසුරු මඩුල්ල අද (02) පසුවට කල් තැබීය. 02 August 2022
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවයි අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බවත් අද (2) සහ හෙට (3) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 August 2022
කොවිඩ් මරණ 7ක් කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (1) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 02 August 2022
අර්බුදයෙන් රට මුදාගන්න වැඩපිළිවෙළක් මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකස් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය. 02 August 2022
’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ ජනතාවට බැට දෙනවා ’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ මේ වෙනවිට රාජ්‍ය ප්රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (2) පැවසීය. 02 August 2022
අලුත් සභාවට පාර්ලිමේන්තුවේ ලක ලෑස්තිය නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ පෙරහුරුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පැවැත්විණි. 02 August 2022
කිව්.ආර් කේතයට වාහන පොකුරු ලියාපදිංචිය 12 ඇරඹේ වාහන කිහිපයක් ඇති රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ අංකයෙන් හෝ වෙනත් අංකයකින් ඒවායේ සියලුම වාහන සඳහා එක ජංගම දුරකථන අංකයක් හරහා මේ මස 12 වැනිදා සිට ජාතික ඉන්ධන බලපත්‍රයට (කිව්.ආර්. කේතය) ලියාපදිංචි විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 02 August 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026