(නිමල කොඩිතුවක්කු)
"රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව" මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (2) පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන අලුත් මුහුණුවරක් ජන සමාජය තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බැවින් එයට එරෙහිව ශක්තිමත් ලෙස පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සිවිල් ප්‍රජාව මඟ තොටදී හිංසනයට ලක්වන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය උදෙසා වූ ජාතික මහජන සභාවට අනුබද්ධව නීතිඥ ප්‍රජාව සමග කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමකදී ඔහු මේ බව පැවසීය.
එවැනි තත්ත්වයක් තුළ නීතිඥ ප්‍රජාව වෙත බරපතළ වගකීමක් පැවරී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ පුරවැසි පරපුරේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය ද පළ කළේය.
මතයක් දැරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි යැයි යන පණිවිඩය ආණ්ඩුව ජනතාවට දෙන්නට උත්සහ කරනවා දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
මේ රටේ නීතිඥ ප්‍රජාව මෙන්ම වගකිවයුතු සමස්ත පුරවැසියන්ද ආණ්ඩුවේ මේ ප්‍රචණ්ඩත්වයට එරෙහි බව සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මහත්තයෝ... ගෝඨා අගමැතිකම බාරගන්න කිව්ව වෙලාවේ නිකං කෝඳුරුතෙල් හත්පට්ටයක් හොයන්නේ නැතුව ගත්තා නම් අද කවුද මේ රටේ ජනාධිපති. තමුන් නම් ජීවිතේටම හැදෙන්නේ නැහැ...!
ආණ්ඩුව බලන්නේ ඉතිරි අවුරුදු දෙකේ කොහොම හරි ඇදගන්න. මිනිස්සු කනවද නැද්ද කියන එක...!!! ඔවුන්ට මෙතැනදී අදාළ නැහැ. විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරපු කෙනෙක්... ජනපති වීම ජනතාව ලැබූ අන්ත පරාජයකි. හොරාට හොරා කිව්වෙත් අපි නොවේ ඔවුන්ය. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් හොර කණ්ඩායම් බලය ලබාගන්නේ නම් එරට ජනතාවටත්, රටටත් අබසරණයි...
අවුස්සන්නමයි ඕනෑ නේද? පොඩ්ඩක් මේ මිනිස්සුන්ට වැඩකරන්න දෙන්න...
"මතයක් දැරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි යැයි යන පණිවිඩය ආණ්ඩුව ජනතාවට දෙන්නට උත්සාහ කරනවා දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය." - ගෝනිබිල්ලා යුගය ඉතා හොඳින් මතක තිබෙන අය තවමත් මේ රටේ ජීවතුන් අතර සිටිති.
ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් හෝ වෙනයම් සංවිධානයක් කුමක්ද පවසන්නේ? ලංකාවේ වත්මන් තත්වය ගැන ඊට පසුදා ඊටත් වඩා බරසාර කරලා කියන්න මෙන්න ශූරයා. මේ ගොයියා හොද කයියටම තමයි. හැමදාම විසිල් ගහනවා. බල්ටි ගහන්න කිව්වම වෙව්ලනවා...!
මෙයාගේ වැඩේ බයිලා කියවන එක තමයි. රටට සෙතක් වෙන කිසිම දෙයක් කියන්නේ නැහැනේ.. එලොවටත් නැති, මෙලොවටත් නැති කෙනෙක්...
මෙච්චර ජනතාව අමාරුවෙන් ජීවිතය ගැට ගහන්න දඟලද්දී රජවෙන්න දඟලනවා... ජනාධිපති මන්දිරයේ තිබුණු පුරාවස්තුවලට වගකියන්න ඕනෑ තව කෙනෙක් තමයි ඉතින්...!
විපක්ෂ නායකයෙකුට ඔයිට වැඩිය වැඩක් කරන්න බැරිද? ඔයකතා කව්ද අහන්නේ...? ඕවා අහලා එපාවෙලා ඉන්නේ වැඩක් කරන්න පුලුවන් නම් කරන්න. නැත්නම් ඕක ෆොන්සේකා මහත්තයාට දීලා දාන්න.
මම කැමැතියි කියලා පැනලා දුන්නු වෙලාවේ ගත්තේ නැතුව ගණන් උස්සලා පීචන් වුණා.