
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බස් රථ බලපත්‍ර (පර්මිට්) 357 කට වෙච්ච දෙයක් නැතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය
එම පර්මිට්වලට බස් රථ කිසිවක් ධාවනය කරා නොමැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා බලපත්‍ර නැවත බාරදී නොමැති බවද ප්‍රකාශ කළේය.
ඒ අයට ජුනි 30 දක්වා සහන කාලයක් ලබාදී ජුනි 30 ට පෙර බස් රථ ධාවනය කර පෙන්වන ලෙස දැනුම් දී ඇති බව ඔහු කීවේය.
එසේ නොකළහොත් එම බලපත්‍ර ටෙන්ඩර් කරන බවද ගුණසේන මහතා පැවසීය.
මේ අතර බස් රථ ධාවනය කරගෙන යෑමට නොහැකි බව පවසා බලපත්‍ර 49ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බාරදී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
බලපත්‍ර 2568 කට අදාල බස් රථ මාර්ගවල විධිමත් ආකාරයට ධාවනය කෙරෙන බව ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd