(නිමන්ති රණසිංහ)
අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (2) නියෝග කළේය.
සැකකරු කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (1) අත්අඩංගුවට ගනු ලැබීය.
එම කොට්ඨාශයෙන් කෙරුණු දැනුම්දීමක් අනුව රතිදු සේනාරත්න නොහොත් රැට්ටා එහි පෙරේදා පස්වරු 3.50ට පමණ පෙනී සිටියේය. ඒ අනුව එම අංශයේදී පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට ගැනිණ.
කොළඹ කොටුව බැංකු මාවත ප්‍රදේශයේ ඉකුත් මැයි මස 21 වැනිදා පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ඉදිරිපත් කෙරිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ එළොවටත් නැති, මෙළොවටත් නැති යූටියුබ් කාරයින් ප්‍රමෝට් කරනවා ඇරෙන්න... වෙන දෙයක් නෑ.
සියලු වත්කම් රාජසන්තක කළ යුතුයි.
දැන් මිනිස්සුන්ට තෙරෙන්නෙ නැහැ මෙ අරගලෙ කොන්ත්‍රාත්තුවක් කියල.
මේකද මේ රැට්ට කියන්නෙ කිසිම ගතියක් නැහැ.
පව් නේ. ලෝකෙටම අණ බෙර ගහලා අත්අඩංගුවට ගත්තේ හරියට ප්‍රභාකරන්ව අත්අඩංගුවට ගත්තා වගේ. ලෝකේ ඉන්න දරුණුම අපරාධකාරයෝ ඇල්ලුවා වගේ ප්‍රචාරය දුන්නේ. විලි ලැජ්ජා කියලා දෙයක් ගෑවිලාවත් නැති ආන්ඩුවකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. පුලුවන්නම් ආයේ ඡන්දේ දීලා පත් කරගන්න.
මූණ දැක්කාම ගහන්න හිතෙන්නේ මට විතරයිද?