(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් (40 ) මහතා මුල්ලේරියාව බැංකුව හන්දියේදී අද (2) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය.
එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස මියයන තෙක්ම කටයුතු කළ රුක්ෂාන් මහතා පාතාල නායකයකුවූ කරාටේ ධම්මික නමැත්තාගේ ඥාති පුත්‍රයකු බව ද පොලීසිය පවසයි.
අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ ගෝලයකු ලෙස සැලකෙන ජිල්ලා නැමැත්තා මොහුට මෑතකදී තර්ජනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණයවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මියගිය රුක්ෂාන් මහතා මුල්ලේරියාව අඹතලේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමුදු කියන්නේ හොඳ ගතිගුණ තිබුණු කෙනෙක්... ඒත් ඔයාලා එයාගේ නම ඉස්සරහට පාතාලයේ කෙනෙක්ගේ නම දාලා ඒක අයින් කරන්න බොහෝම පින්...
හැමදාම වෙඩිතැබීම්... මේවා අල්ලන්න අපේ පොලිසියට බැහැ... අරගලයට ආපු අය පිටිපස්සෙන් පන්නනවා...