( චමින්ද වැවතැන්න)
රඹුක්කන පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ නාරංබැද්ද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර ආසන්නයේ දී සිදු වු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරින් 8 දෙනෙකු හා ඇගලුම් සේවිකාවන් 7 දෙනෙකු අද (2) වැනිදා පෙරවරුවේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දේවාලේගම පොලිසිය කියයි.
මෙලෙස කුරුණෑගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ නාරංබැද්ද කදවුරේ සේවය කරන සාජන්වරයෙකු හා කුරුණෑගල කදවුරේ සේවය කරන නිලධාරින් 7 කු ඇතුළු 8 දෙනෙකු බවත් ඇගලුම් ආයතනයේ සේවිකාවන් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්රමතිකාර ලබන බවත් දේවාලේගම පොලිසිය පැවසීය.
ඊයේ 02 වැනිදා මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණයේ පැවැත්විණ. එම නඩුව පැවැවෙන අධිකරණ භූමිය සෝදිසි කිරීම සදහා කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරට අයත් නිලධාරින් කණ්ඩායමක් රඹුක්කන නාරංබැද්ද කදවුරට අලුයම පැමිණ තිබේ. නාරංබැද්ද කදවුරේ නිලධාරින් කණ්ඩායමක් අලුයම 6.00 ට කෑගල්ල මහධිකරණයට ආරක්ෂාව සපයා දීම සදහා පිටත්ව ගොස් ඇති අතර පසුව කුරුණෑගල පිරිස පෙරවරු 7.00 ට නාරංබැද්දේ සිට නාරංබැද්ද කදවුරට අයත් කැබ් රථයකින් නිලධාරින් 8 න් සමන්විත කණ්ඩායමක් කෑගල්ල බලා ගමන් කර තිබුණි.
ගමන් ආරම්භ කර මීටර් 500 ක් පමණ හිරිවඩුන්න දෙසට ගමන් කරමින් සිටින අවස්ථාවේ දී රඹුක්කන සිට පොල්ගහවෙල දක්වා ඇගළුම් ආයතනයක රාජකාරී කටයුතු සදහා ප්‍රවාහන කරමින් තිබුණු බස් රථයක් අධික වේගයෙන් පැමිණ කැබ් රථයේ ගැටී ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව කැබ් රථයේ සිටි විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරින් 8 දෙනාම තුවාල ලබා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කෙරිණ.
බස් රථයේ ඇගළුම් සේවිකාවන් 7 දෙනෙකු සුළු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථයේ රියදුරුවරයා ද කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පොල්ගහවෙල රිය අනතුරකින් එස්.ටී.එෆ්. 8 ක් ඇගලුම් සේවිකාවෝ 7 ක් රෝහලේ