(නිමල කොඩිතුවක්කු)
රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිලිගැනීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපියට පිළිතුරු පිලිතුරු ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද PS/PCA/03/02 අංක දරණ 2022 ජූලි මස 29 දාතමින් යුක්ත ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම ලිපිය යොමු කර ඇත.
දැනට රට තුළ උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව ඇති බවත් එ පක්ෂ නායකවරයා සිය ලිපිය මඟින් තවදුරටත් කරුණු දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. ඇමැති කමක්ද... අගමැති පුටුවද?
වැටිච්ච වලේ මුව මස් හොයන්නෙ නැතිව එකට එක්වෙලා ගොඩට යන්න දඟළන එක තමා වඩා සුදුසු . හැබැයි විශ්වාසයක් නම් නෑ.
දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියයි ඕනේ නැහැ කියලා
අන්න හොඳයි.ඔබතුමාලා ඔක්කොම එක මතයකට, එක තීරණයකට ඇවිත් රට ගොඩගැනීම සඳහා නිසි පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. වර්තමානයේ අවශ්‍ය වී ඇත්තේ රට ගොඩගැනීමයි.
පිටුපස ඉදගෙන නූල් සූත්තර දාන ඔවුන්ගෙම වලේ වැටිච්ච උපදේශකලා පැත්තකට දාලා පොදු ජනයගේ සුබ සිද්ධිය ගැන පමනක් හිතලා කට්ටිය එක්ක එකතුවුනොත් සැවොම ගොඩ.
මගුල් මේසෙට වාඩි වෙලා කන්න ආරාධනා කළාහම මඟුල් මේසේ හොඳ නැති වුණ නිසා පිළිකන්නේ හිඳන් කන්න වෙලා
රනිල් කෙරුවත් සජිත් කෙරුවත් දෙන්නම ඇලියො ණමුත් පොහොට්ටුවො කියන්නෙ වැඩ බැරි හොරු කල්ලියක්.
හොද දෙයක් ඔබ තුමාගේ කටින් පිටවුන පලවෙනි වතාව. අගය කරනවා. හැමෝම එකතුවෙලා මේ වැටුන අගාධයෙන් මේ රට ගොඩගන්න ශක්තිය ලැබේවා.
ඇමතිකම් දෙනව කියපු ගමන් ඔබව දාල කට්ටිය මාරු වෙනව. ඒ හින්එද ඔබත් බොට්ටුවෙ එල්ලෙන්න බලන්න
සජිත්ට අගමැති කම දීලා බලන්ඩ ඕනේ එතුමා පියා වගේ රටට සේවයක් කරයිද කියලා. මම විස්වාස කරනවා. මේ මගේ අදහසයි. අපිත් පිට රට ඉදන් ඩොලර් යවනවා අනිවාර්යයෙන්ම.
අන්තිමට කියයි දෙනවයි කියලා... දුන්නේ නෑ මාමා මාව රැවට්ටුවා කියලා.