IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිගේ ආරාධනාව සජබ පිළිගනියි

(නිමල කොඩිතුවක්කු)

රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිලිගැනීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපියට පිළිතුරු පිලිතුරු ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද PS/PCA/03/02 අංක දරණ 2022 ජූලි මස 29  දාතමින් යුක්ත ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම ලිපිය  යොමු කර ඇත.

දැනට රට තුළ උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව ඇති බවත් එ පක්ෂ නායකවරයා සිය ලිපිය මඟින් තවදුරටත් කරුණු දක්වා තිබේ.



අදහස් (11)

ජනපතිගේ ආරාධනාව සජබ පිළිගනියි

sharm warn Wednesday, 03 August 2022 11:59 AM

ආ.. ඇමැති කමක්ද... අගමැති පුටුවද?

:       1       10

කිරි පුතා Wednesday, 03 August 2022 12:12 PM

වැටිච්ච වලේ මුව මස් හොයන්නෙ නැතිව එකට එක්වෙලා ගොඩට යන්න දඟළන එක තමා වඩා සුදුසු . හැබැයි විශ්වාසයක් නම් නෑ.

:       0       0

fairoos Wednesday, 03 August 2022 12:51 PM

දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියයි ඕනේ නැහැ කියලා

:       3       7

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 August 2022 01:22 PM

අන්න හොඳයි.ඔබතුමාලා ඔක්කොම එක මතයකට, එක තීරණයකට ඇවිත් රට ගොඩගැනීම සඳහා නිසි පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. වර්තමානයේ අවශ්‍ය වී ඇත්තේ රට ගොඩගැනීමයි.

:       1       19

ravin Wednesday, 03 August 2022 01:24 PM

පිටුපස ඉදගෙන නූල් සූත්තර දාන ඔවුන්ගෙම වලේ වැටිච්ච උපදේශකලා පැත්තකට දාලා පොදු ජනයගේ සුබ සිද්ධිය ගැන පමනක් හිතලා කට්ටිය එක්ක එකතුවුනොත් සැවොම ගොඩ.

:       1       9

kamal Wednesday, 03 August 2022 02:07 PM

මගුල් මේසෙට වාඩි වෙලා කන්න ආරාධනා කළාහම මඟුල් මේසේ හොඳ නැති වුණ නිසා පිළිකන්නේ හිඳන් කන්න වෙලා

:       1       6

Dharmatileke Wednesday, 03 August 2022 03:02 PM

රනිල් කෙරුවත් සජිත් කෙරුවත් දෙන්නම ඇලියො ණමුත් පොහොට්ටුවො කියන්නෙ වැඩ බැරි හොරු කල්ලියක්.

:       2       5

Chinthaka Wednesday, 03 August 2022 03:13 PM

හොද දෙයක් ඔබ තුමාගේ කටින් පිටවුන පලවෙනි වතාව. අගය කරනවා. හැමෝම එකතුවෙලා මේ වැටුන අගාධයෙන් මේ රට ගොඩගන්න ශක්තිය ලැබේවා.

:       1       3

Prabha Wednesday, 03 August 2022 04:30 PM

ඇමතිකම් දෙනව කියපු ගමන් ඔබව දාල කට්ටිය මාරු වෙනව. ඒ හින්එද ඔබත් බොට්ටුවෙ එල්ලෙන්න බලන්න

:       0       1

Rizwan Wednesday, 03 August 2022 07:55 PM

සජිත්ට අගමැති කම දීලා බලන්ඩ ඕනේ එතුමා පියා වගේ රටට සේවයක් කරයිද කියලා. මම විස්වාස කරනවා. මේ මගේ අදහසයි. අපිත් පිට රට ඉදන් ඩොලර් යවනවා අනිවාර්යයෙන්ම.

:       1       0

Bamunuarachchi Friday, 05 August 2022 03:02 PM

අන්තිමට කියයි දෙනවයි කියලා... දුන්නේ නෑ මාමා මාව රැවට්ටුවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site