IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සර්ව පාක්ෂික සාකච්ඡා ඇරැඹෙි

(අංජුල මහික වීරරත්න)

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ  සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයන් පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු නියෝජිතයෝ ඊට සහභාගී වූහ. 

තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පැවැත්වුණ අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ හෙට (03) දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බවත්  සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡා වලට එක්වීමට එකඟතාව පළ කර තිබෙන බවත් ජනාධිපති කාර්යාලය කියයි.

සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (5)

සර්ව පාක්ෂික සාකච්ඡා ඇරැඹෙි

Kumara Tuesday, 02 August 2022 10:04 PM

බම්බුව තමයි...

:       1       2

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 August 2022 10:31 PM

සමගිය බලය වේ යන්න මේ අමාරු අවස්ථාවේදී ගතයුතු එකම ආදර්ශයයි.වාද භේද භින්න අතහැර දමා සැමදෙනා සමගියෙන් වැඩ කටයුතු කොට රට ගොඩගෙන ජනතාවට සහන සලසා අනතුරුව මැතිවරණයකට යන්න.සිදුවිය යුත්තේ එයයි.

:       0       2

chandima Wednesday, 03 August 2022 01:43 AM

මෙ කතා කරන්නෙ රටට ඩොලර් ගෙන විදිය වෙන්න ඇති?

:       0       3

ලමය Wednesday, 03 August 2022 03:56 AM

හොරුටික හැලිය කාල්ගානව කොච්චර කාල්ගෑවත් මතුවෙන්නෙ නීල කාස හොරු. ජනතාවට ඕවයින් වැඩක් නැහැ. මතක තියාගනිල්ලා ජනතාව ඔවයින් රවට්ටන්න බැරි බව.

:       1       3

Demuni Uduwara Wednesday, 03 August 2022 06:21 AM

This is a tactic to hoodwink lending establishments and international community to pose as co-existence !

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site