(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු සියලු දෙනාගේ අදහස් ලබාගෙන පෝෂණය වන ආණ්ඩුවක් බව කී ජනාධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක ඇති වැදගත්කම යළි යළිත් අවධාරණය කරන බවද පැවසීය.
දැන් අප වැටුණු තැනින් නැවත නැගිටීම අරඹා තිබෙනවා.වගා කටයුතු සඳහා පහුර ගෙන්වමින් තිබෙනවා.ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම පාහේ නිම වෙමින් තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙයාද රට ගොඩගන්න යන්නේ...?
රට වලදැම්මේ කවුද කියලා මට කියන්න පුළුවන්ද කරුණාකරලා...
හොරකම, වංචාව, දූෂණයට එරෙහිව නීතිය සැමට සාධාරණ නොවීම නිසා ඔබ යන මේ ගමන ඉතා දුෂ්කර ගමනක්ම වේවි. පිනට ලැබුණු මේ අන්තිම අවස්තාවවත් ප්‍රයෝජනයට අරන් කටයුතු කරන්නට නුවණ පැදේවා..!
අතීතයේ කරපු දේවල් කරලා ජනජීවිතයට තවත් හානි කරන්නේ ඔහොමනේ... ඒක නතර නොකළොත් සිංගප්පූරු තමයි යන්න වෙන්නේ... ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට... දන්නවා ඇතිනේ එව්වා...!
පසෙක දාන්න තිබ්බා... ඔයාගේ පුද්ගලික වත්කම් දේපළනම් විනාශ වෙලා තියෙන්නේ.... මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ, දරුවන්ගේ, නූපන් දරුවන්ගේ අනාගතේ අවුරුදු 74ක් මාරුවෙන් මාරුවට සහයෝගයෙන් ඔයාලා හොරා කෑවේ...
අතීතයක් නැතුව කොහොමද හලෝ අනාගතයක් ගොඩ දාන්නේ. දැන්නම් හොදටම මොලේ අවුල් වෙලා වගේ.
අතීතය කියන්නේ අනාගතයේ අත්තිවාරම කියලා අපි නම් ඉස්කෝලෙදි ඉගෙන ගත්තා.
හැමෝම එකතු කරගෙන හොරුන් ටික රැකලා, රට තවත් වලපල්ලට දාමු...
අතීතය අමතක කළත් රටේ ධනය කොල්ලකාපු අය අමතක කරන්නේ නැහැ... ජනතාවට සුදුසු වෙලාවක් ලැබෙනකන් ඉන්නවා.
බැරිද වැලිකඩ ඉන්න සිරුකරුවන් ටිකත් එළියට දාන්න. අතීතයේ වුණු වැරැදි අමතක කරලා.