(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
තමන් ත්‍රිවිධ හමුදාව මගින් හෝ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරී අරගල කරුවකු වන ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අට දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේ සඳහන් වේ
පෙත්සම්කරු ගෝටා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරී අරගල කරුවෙකි. ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරය හැර ගිය අතර ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට තේරී පත්විය.
ඉන්පසුව අරගල කරුවන්ට විවිධ හිරිහැර එල්ල විය . පසුගිය විසි දෙවෙනිදා අරගල කරුවන්ට රාජ්‍ය හමුදා සහ පොලීසිය මගින් පහර දීමේ විවිධ බලපෑම් එල්ල කරන ලදී.
මේ අතර ක්‍රියාකාරී අරගල කරුවන් කිහිප දෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අනුව
නොබෝ දිනකින් තමන් ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටියි.
එබැවින් තමන් ත්‍රිවිධ හමුදාව මගින් හෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට නොගන්නැයි ජීවන්ත පීරිස් පියතුමාගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
ruwan Wednesday, 03 August 2022 05:49 AM
ඉතින් වැරැද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ? ඔයත් එක්කම ලගින් හිටපු අර හාමුදුරුවෝ වගේ එක්කෙනත් ගන්න ඕනේ.
Vijitha Wednesday, 03 August 2022 08:11 AM
මුං අරගල උද්ගෝෂණ කරන කොට අපේ මුලික අයිතිවාසිකම් කඩවීම ප්‍රශ්නයක් නෙවෙයි ද? ජනපති කාර්යාලයෙන් අපේ වැඩක් කර ගන්න නෑ. පරේ අවහිරයකින් තොරව යන්න බෑ. ආර්ථිකය විනාශයි. සංචාරකයන් රටට එන්නේ නෑ. එම නිසා ඩොලර් නෑ. තෙල් නෑ. මේ ඔක්කොම ප්‍රශ්න මේ කාලකණ්නි නිසා
කිරි පුතා Wednesday, 03 August 2022 08:23 AM
ඒ දවස්වල සොත්ති උපාලිටත් තිබ්බෙ මෙහෙම ඉල්ලීමක් කරලා , පොලිස්පතිට විරුද්ධව පියවරක් ගන්න .
sharm warn Wednesday, 03 August 2022 09:10 AM
පුලුවන්නම් පියතුමාව හිරේ දාලා පෙන්නන්කෝ.