(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
තමන් ත්‍රිවිධ හමුදාව මගින් හෝ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරී අරගල කරුවකු වන ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අට දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේ සඳහන් වේ
පෙත්සම්කරු ගෝටා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරී අරගල කරුවෙකි. ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරය හැර ගිය අතර ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට තේරී පත්විය.
ඉන්පසුව අරගල කරුවන්ට විවිධ හිරිහැර එල්ල විය . පසුගිය විසි දෙවෙනිදා අරගල කරුවන්ට රාජ්‍ය හමුදා සහ පොලීසිය මගින් පහර දීමේ විවිධ බලපෑම් එල්ල කරන ලදී.
මේ අතර ක්‍රියාකාරී අරගල කරුවන් කිහිප දෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අනුව
නොබෝ දිනකින් තමන් ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටියි.
එබැවින් තමන් ත්‍රිවිධ හමුදාව මගින් හෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් වැරැද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ? ඔයත් එක්කම ලගින් හිටපු අර හාමුදුරුවෝ වගේ එක්කෙනත් ගන්න ඕනේ.
මුං අරගල උද්ගෝෂණ කරන කොට අපේ මුලික අයිතිවාසිකම් කඩවීම ප්‍රශ්නයක් නෙවෙයි ද? ජනපති කාර්යාලයෙන් අපේ වැඩක් කර ගන්න නෑ. පරේ අවහිරයකින් තොරව යන්න බෑ. ආර්ථිකය විනාශයි. සංචාරකයන් රටට එන්නේ නෑ. එම නිසා ඩොලර් නෑ. තෙල් නෑ. මේ ඔක්කොම ප්‍රශ්න මේ කාලකණ්නි නිසා
ඒ දවස්වල සොත්ති උපාලිටත් තිබ්බෙ මෙහෙම ඉල්ලීමක් කරලා , පොලිස්පතිට විරුද්ධව පියවරක් ගන්න .
පුලුවන්නම් පියතුමාව හිරේ දාලා පෙන්නන්කෝ.