(සුජිත් හේවාජුලිගේ )
ප්‍රචණ්ඩකාරීන් විසින් සිය නිවාස ගිනි තබා විනාශ කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇතත් ඒ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම මෙතෙක් හරියාකාරව ක්‍රියාත්මකවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා චෝදනා කළේය.
කොමිසම ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් කරුණු විමසීමක් කර හෝ දැනුවත් කර හෝ නැතැයිද ඔහු සදහන් කළේය.
ඒ ගැන තමා කනගාටු වන බව පැවසූ තෙන්නකෝන් මහතා කොමිසම පක්ෂග්‍රාහීව කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇතැයිද ප්‍රකාශ කළේය.
දිවයින පුරා පසුගිය මැයි මස නව වෙනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකගේ නිවාස ඇතුළු දේපළ රැසකට හානි සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් ගැනනේ සොයන්නේ...
මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේ ආයතන තියෙන්නෙ එක කට්ටියකගෙ හිමිකම් ගැන හොයන්න බලන්න විතරද?
මානව හිමිං කොමිසමට (හිමිකම් නෙමෙයි) ගෙවල් පුච්චපුවා මංකොල්ල කාපුවා මහ පාරේ කපලා මරපුවා පේන්නේ නැහැ. එයාලාට පේන්නේ අරගලේට දුන්නු වේවැල් පාරවල් විතරයි...
රට බංකොළොත් කරලා, ගෝල් ෆේස් එකට මැර ප්‍රහාර එල්ල කරලා, රටේ මිනිස්සු කුපිත කරගෙන විහින් කරගත්තු විනාශයට මානව හිමිකම් කොමිසම මොනවා කියන්නද?
මනව හිමිකම් කොමිසම හොයාබලන්නෙ මානවයන්ට වෙන අසාදාරන විතරයි. චව්‍රරයින්ට වෙන දේවල් නොවෙයි.
මානව හිමිකම් සංවිධාන ආණ්ඩුව සහ පොහොට්ටුව එක්ක තරහයි කියමුකෝ (ඒ වුනත් මේ සංවිධානය අපක්ෂපාතී වෙන්න ඕන) නමුත් විපක්ෂයේ ඉන්න කුමාර වෙල්ගමට ගහපු එක වත් ඔවුන් හොයන්නෙ නෑ. ඔක්කොටොම ඉස්සෙල්ලා මේ ලංකාවේ මානව හිමිකම් සංවිධාන ගැන ජාත්‍යන්තරයට හෙළි කරන්න ඕනෑ ඔන්න ඔය පක්ෂග්‍රාහී කටයුතු ගැන. ඔය ශාන්තුවරු වැඩි දෙනෙක් තමන්ගේ තරුණ කාලයේ අනුන්ට ගිනි දීපු අය වෙන්න පුළුවන් තාමත් අපක්ෂපාතීව දෙයක් කරන්න බැරි. අනික, මේ ගොඩක් අය කියනවා වගේ සල්ලි වලට වැඩ කරනවද දන්නේ නෑනේ.
මංත්‍රී තුමෝ! ගෙවල් ගිණි තැබීම වැටෙන්නේ අපරාධ ඝනයට. ඒක නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් මිස මානව හිමිකම් කඩකිරීමක් නෙවෙයි. දන්නේ නැත්තං තාත්තගෙන් අහන්න. එයා පරණ පොලිස් කාරයෙක්නෙ. නොදන්න දේවල්කතා නොකර හිටියොත් තමා හොඳ.
ඉල්ලගෙන කාපුව මොකටද හොයන්නෙ? ඕව හොයන්න මානව සම්පත් තියෙනවද ඔය ආයතනයට? තමුන්නැහැලාට මානව හිමිකම් මතක් වෙන්නෙ තමන්ට පාරක් වැදුනම, නැත්නම් ඔව එන් ජී ඕ විතරයි.
අමනුෂ්‍යයින්ගේ හිමිකම් ගැන මොනවා හොයන්නද?
කන්න බොන්න අඳින්න නැහැ... රැකී රක්ෂා නැහැ.. සෞඛ්‍ය පහසුකම් නැහැ. අධ්‍යාපනය ගරාවැටිලා... අන්න ඒවා තමයි මානව කොමිසම සොයාබැලිය යුතු...!!!
මෙන්න නියම මිනිස්සු. ඊළඟ පාර ඡන්දෙ දෙනකොට හරියට ඡන්දේ පාවිච්චි කරන්න. එතකොට ගෙවල් ගිනිතියන්න ඕන නෑ.
ජාතික ඇඳුමකුත් ඇඳගෙන මෙහෙම කියන එක ජාතියට කරන නින්දාවක් නේද?
රාජ්‍ය ධනය මහ පරිමාණයෙන් හොරා කාලා, නීතිවිරෝධී උපයාගත් දූෂිත ධනයෙන් හදා ගත්ත ගෙවල් ගිනි තියාගෙන ඒවා බලන්න මානව හිමිකම් ආයතනය වෙන වැඩ නැතැයි කියලා හිතුවද? හොරා කාලා හදන දේපොළ යා දෙන්නේ නෑ.
ඔවුන්ට ඒක සුලු දෙයක්
ඔය මානව හිමිකම් කොමිසම පැති ගන්නව. ඇමෙරිකාවෙයි සී.අයි.ඒ ඔත්තු සේවාවෙයි වන්දි භට්ටයො