IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


මන්ත්‍රී ගෙවල් ගිනි තැබීම ගැන මානව කොමිසම සොයා බැලුවෙ නෑ

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රචණ්ඩකාරීන්  විසින් සිය නිවාස  ගිනි තබා විනාශ කරනු ලැබීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සියයකට ආසන්න පිරිසක් ශ්‍රී  ලංකා  මානව හිමිකම් කොමිෂන් සභාවට  පැමිණිලි කර ඇතත් ඒ පැමිණිලි සම්බන්ධයෙන්  කොමිසම මෙතෙක් හරියාකාරව ක්‍රියාත්මකවී නැතැයි ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර  තෙන්නකෝන් මහතා චෝදනා කළේය.

කොමිසම ඒ සම්බන්ධයෙන්  මන්ත්‍රීවරුන්ගෙන් කරුණු විමසීමක් කර  හෝ දැනුවත් කර හෝ  නැතැයිද ඔහු  සදහන් කළේය.

ඒ ගැන තමා කනගාටු වන බව පැවසූ  තෙන්නකෝන් මහතා  කොමිසම  පක්ෂග්‍රාහීව කටයුතු කරන  ආකාරයක් පෙනෙන්නට ඇතැයිද  ප්‍රකාශ කළේය.

දිවයින පුරා පසුගිය මැයි මස නව වෙනිදා  සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සියයකට ආසන්න  පිරිසකගේ නිවාස  ඇතුළු දේපළ  රැසකට හානි සිදුවිය.



අදහස් (16)

මන්ත්‍රී ගෙවල් ගිනි තැබීම ගැන මානව කොමිසම සොයා බැලුවෙ නෑ

Amara Tuesday, 02 August 2022 07:35 PM

මානව හිමිකම් ගැනනේ සොයන්නේ...

:       6       34

මැක්ස් Tuesday, 02 August 2022 08:33 PM

මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේ ආයතන තියෙන්නෙ එක කට්ටියකගෙ හිමිකම් ගැන හොයන්න බලන්න විතරද?

:       25       33

සමන්Tuesday, 02 August 2022 09:23 PM

ඕවාට සල්ලි දෙන අය කියන විදිහට තමයි හොයන්නේ...!

:       20       28

darme Tuesday, 02 August 2022 09:12 PM

මානව හිමිං කොමිසමට (හිමිකම් නෙමෙයි) ගෙවල් පුච්චපුවා මංකොල්ල කාපුවා මහ පාරේ කපලා මරපුවා පේන්නේ නැහැ. එයාලාට පේන්නේ අරගලේට දුන්නු වේවැල් පාරවල් විතරයි...

:       33       35

Anura Tuesday, 02 August 2022 10:45 PM

රට බංකොළොත් කරලා, ගෝල් ෆේස් එකට මැර ප්‍රහාර එල්ල කරලා, රටේ මිනිස්සු කුපිත කරගෙන විහින් කරගත්තු විනාශයට මානව හිමිකම් කොමිසම මොනවා කියන්නද?

:       1       2

chandima Wednesday, 03 August 2022 01:45 AM

මනව හිමිකම් කොමිසම හොයාබලන්නෙ මානවයන්ට වෙන අසාදාරන විතරයි. චව්‍රරයින්ට වෙන දේවල් නොවෙයි.

:       0       2

සමන් Wednesday, 03 August 2022 04:25 AM

මානව හිමිකම් සංවිධාන ආණ්ඩුව සහ පොහොට්ටුව එක්ක තරහයි කියමුකෝ (ඒ වුනත් මේ සංවිධානය අපක්ෂපාතී වෙන්න ඕන) නමුත් විපක්ෂයේ ඉන්න කුමාර වෙල්ගමට ගහපු එක වත් ඔවුන් හොයන්නෙ නෑ. ඔක්කොටොම ඉස්සෙල්ලා මේ ලංකාවේ මානව හිමිකම් සංවිධාන ගැන ජාත්‍යන්තරයට හෙළි කරන්න ඕනෑ ඔන්න ඔය පක්ෂග්‍රාහී කටයුතු ගැන. ඔය ශාන්තුවරු වැඩි දෙනෙක් තමන්ගේ තරුණ කාලයේ අනුන්ට ගිනි දීපු අය වෙන්න පුළුවන් තාමත් අපක්ෂපාතීව දෙයක් කරන්න බැරි. අනික, මේ ගොඩක් අය කියනවා වගේ සල්ලි වලට වැඩ කරනවද දන්නේ නෑනේ.

:       0       3

C.K.Lankaputhra Wednesday, 03 August 2022 05:47 AM

මංත්‍රී තුමෝ! ගෙවල් ගිණි තැබීම වැටෙන්නේ අපරාධ ඝනයට. ඒක නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් මිස මානව හිමිකම් කඩකිරීමක් නෙවෙයි. දන්නේ නැත්තං තාත්තගෙන් අහන්න. එයා පරණ පොලිස් කාරයෙක්නෙ. නොදන්න දේවල්කතා නොකර හිටියොත් තමා හොඳ.

:       1       2

සෙනෙවිරත්න Wednesday, 03 August 2022 06:16 AM

ඉල්ලගෙන කාපුව මොකටද හොයන්නෙ? ඕව හොයන්න මානව සම්පත් තියෙනවද ඔය ආයතනයට? තමුන්නැහැලාට මානව හිමිකම් මතක් වෙන්නෙ තමන්ට පාරක් වැදුනම, නැත්නම් ඔව එන් ජී ඕ විතරයි.

:       0       1

Perera Wednesday, 03 August 2022 10:44 AM

අමනුෂ්‍යයින්ගේ හිමිකම් ගැන මොනවා හොයන්නද?

:       1       8

ganegoda Wednesday, 03 August 2022 12:04 PM

කන්න බොන්න අඳින්න නැහැ... රැකී රක්ෂා නැහැ.. සෞඛ්‍ය පහසුකම් නැහැ. අධ්‍යාපනය ගරාවැටිලා... අන්න ඒවා තමයි මානව කොමිසම සොයාබැලිය යුතු...!!! 

:       0       3

Rata Perata Wednesday, 03 August 2022 12:10 PM

මෙන්න නියම මිනිස්සු. ඊළඟ පාර ඡන්දෙ දෙනකොට හරියට ඡන්දේ පාවිච්චි කරන්න. එතකොට ගෙවල් ගිනිතියන්න ඕන නෑ.

:       0       2

[email protected] Wednesday, 03 August 2022 12:28 PM

ජාතික ඇඳුමකුත් ඇඳගෙන මෙහෙම කියන එක ජාතියට කරන නින්දාවක් නේද?

:       0       2

sam Wednesday, 03 August 2022 12:41 PM

රාජ්‍ය ධනය මහ පරිමාණයෙන් හොරා කාලා, නීතිවිරෝධී උපයාගත් දූෂිත ධනයෙන් හදා ගත්ත ගෙවල් ගිනි තියාගෙන ඒවා බලන්න මානව හිමිකම් ආයතනය වෙන වැඩ නැතැයි කියලා හිතුවද? හොරා කාලා හදන දේපොළ යා දෙන්නේ නෑ.

:       0       0

අබා Thursday, 04 August 2022 11:23 AM

ඔවුන්ට ඒක සුලු දෙයක්

:       0       0

Diddeniya Thursday, 04 August 2022 03:49 PM

ඔය මානව හිමිකම් කොමිසම පැති ගන්නව. ඇමෙරිකාවෙයි සී.අයි.ඒ ඔත්තු සේවාවෙයි වන්දි භට්ටයො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site