(උපුල් හේරත්)
පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි අවුරුදු දහයක් පමණ වයසැති දැරිවියක පාළු හේනක පිහිටි පැලක දැත් දෙපා ගැට ගසා තිබියදී එම දරුවා බේරා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කළ බව කල්ලංචිය පොලීසිය පවසයි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ රොටවැව, සීප්පුකූලමේ පදිංචි පස් වැනි වසරේ ඉගෙනුම ලබන දැරියකි .
මෙම කුඩා දැරිවිය පාසල් ඇරී නිවසට එමින් සිටියදී ඇගේ දැත් දෙපා හා මුහුණ ප්‍රදේශයේ රෙදි කඩකින් බැඳ පාළු හේනක පිහිටි පැලක් තුළ රඳවා තබා සිටිය දී ප්‍රාදේශවාසියකු පොලිස් හදිසි ඇමැතුම අංකයට දැනුම් දීමක් සිදු කර ඇත .
වහා ක්‍රියාත්මක වූ කල්ලංචිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගොස් එම දැරිවිය බේරා ගෙන ඇත .
ඉන් පසු ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර සඳහා මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කර ඇත .
වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති අතර පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත .සැකකරුවන් මෙතෙක් අත්අඩංගූවට ගෙන නැත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd