(විමුක්ති එස් රුද්‍රිගු)
ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට සහ යුනිසෙෆ් සංවිධානයට ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩෙල් මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක් එල්ල වී ඇතැයි නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් රටවල් වලට මේ රටවල් උදව් කරනවා. සමහර වාචාල දේශපාලුවන් මේ රටවල් වලට බනිනවා. කුමන්ත්‍රණ කියලා...
හරිම ලැජ්ජයි , අපේ මිනිස්සුන්ට පිටරටවල මිනිස්සු එකතුවෙලා අවශ්‍ය කන බොන දේවල්, බෙහෙත් ටික ගෙනත් දෙනවා. රට බංකොළොත් කරපු අපේ ආණ්ඩුවේ අය පාර්ලිමේන්තුවට වෙලා හැංගිලා ඉඳගෙන බොරු කියකියා ඉන්නවා.
ලංකාවේ පිරිමින්ට තවම අකමැතියි වගේ නේද? අහන්නත් දෙයක්ද නේද එරික් සෝල්හයිම් මහත්තයෝ...! නොර්වේ නම්බුව කෑවානේ ලංකාවේ පිරිමි..!
රට බංකොළොත් කරලා මිනිස්සු පාරට ඇද දාපු තක්කඩි නායකයෝ අද සද්ද නැතිව ඉන්නවා... මෙයාලා ඉතිහාසගත වෙනවා. ස්වභාව ධර්මයෙන් හරි මේවට පටිසන් දේවි..!
පිරිමි අපි ගඟේ පනින්න ඕනේද? එතකොට ගෑණුන්ට විතරක් මොකක්ද ස්පෙෂල්?
ලංකාවේත් සමහරක් ආයතන එකතුවෙලා ජනතාවගේ මුදල් එකතුකරලා එකතු කරලා භාණ්ඩ මිලටගෙන පොට්ටනි හදලා බෙදලා දෙනවා. ඒවා කුඹුරු, වතුපිටි තියෙන තේඉඩම් ආදායම් තියෙන වසර ගණනක් කෑමට ගෙදර වී තියෙන වාහන කීපයක් තියෙන අයටත් දෙනවා... කිසිම ක්‍රමවත් වැඩක් නැහැ.