(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දීර්ඝ කරමින් හෙට (3) සිට 5 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පෙරවරුවේ පැවසීය.
ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.
කොළඹ නගර ද අයත් ‘සීසී’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, එම්,එන්,ඕ,එක්ස්,වයි සහ ඉසෙඩ් යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩ දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් ජලාශ උතුරා යනවා. මෙයාලා කියන්නේ වෙන රටක් ගැනද දන්නේ නෑ..?
විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ උතුරායනවා කියල පුවත් පන්නනවා ඒවායේ ජලයෙන් විදුලිය නිපදවීම නොකරම ජලය මුහුදට යවනවාද.නැත්නම් ඒ ගැන පැහැදිලි කරන්න
ජනක මහත්තයෝ, කිසිම දැනුවත් කිරීමකින් තොරව වරින්වර විදුලිය විසංධි වෙනවා. සමහර දරුවන් ඔන්ලයින් විභාග ලියනවා. ඒවායේ පාඩුව ගැන ඔබ කියන්නේ කුමක්ද? එනිසා කිසිම වගවිභාගයක් නැතුව විදුලිය විසංධි කිරීමට කටයුතු නොකිරීමට විධිවිධාන යොදන්න... මේවා ගැන ඔබේ අදහස පැහැදිලි කරන්න.
ඔහොම කලුවරේ ඉන්නකොට තව මොනමොනවා වෙයිද මන්දා..?
වැහැලා වැහැලා ගංවතුරලු. ඒත විදුලිය දෙන්න වතුර නෑලු. මේවා හතර බීරි කථා