(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බොම්බය තැබීමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට පසුගිය රජයේ කිසිදු ප්‍රබලයකු සම්බන්ධ නැති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
එම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට නොවූ බවටත් ඊට පසුගිය රජයේ ප්‍රබලයන් සම්බන්ධ බවටත් මාධ්‍ය වාර්තා පළවන ආකාරයක් නිරීක්ෂණය වූයේ යැයිද එම කොට්ඨාසය සඳහන් කරයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එම දේවස්ථානයේ සේවය කළ සිවු දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව සඳහන් කරන පොලීසිය නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සැකකරුවන් සිවු දෙනා පසුව නිදහස් කෙරුණු බවද සඳහන් කරයි.
අනතුරුව සී.සී. ටී .වී දර්ශන උපයෝගී කරගෙන කරන ලද විමර්ශනවලදී හඳුනාගත් කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි මස 16 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඊට පසු පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයකු ජනවාරි මස 17 වැනිදා අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පවසන පොලිස් මාධ්‍ය කොට්ඨාශය ඉන්පසු රන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක සැකකරුවකු ජනවාරි 20 අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවද සඳහන් කරයි.
මේ පිළිබඳ නඩුව පසුගිය ජුනි මස පස් වෙනිදා විභාගයට ගැනීමෙන් පසුව ලබන සැප්තැම්බර් මස 13 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන පොලිස් මූලස්ථානයෙන් ප්‍රකාශයක්
ජගත් ලියනගේ Tuesday, 02 August 2022 07:49 PM
ඔය යන විදියට මාවත් අත්අඩංගුවට ගනීවිද දන්නේ නැහැ....
sharm warn Wednesday, 03 August 2022 09:15 AM
තවත් එක බංකොළොත් තිර පිටපතක්... හැබැයි එව්වා කෙළ හල හලා තලු ගහන්න ඉන්න කට්ටියකුත් තවම ඉන්නවා...
fairoos Wednesday, 03 August 2022 12:19 PM
ඔව් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ඉන්න අය කෙහොමද වැරැදිකරුවන් වෙන්නේ?