(ඩයනා උදයංගනී)
මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකස් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය.
විදේශ විනිමය අර්බුදය විසඳන මාර්ගය කරා රට අඩියෙන් අඩිය ගමන් කර ඇතැයි ඔවුන් දැනුම්දුන් බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
රට තුළ යම් පාර්ශව සතුව ඇති විදේශ මුදල් ඇත්නම් කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව එම මුදල්වලින් නේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ වෙනත් ගිණුමක් විවෘත කිරීමටත්, මුදල් දී රුපියල් ලබාගැනීමටත් ඉදිරි මසක සමාකාලයක් ලබාදෙන චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කිරීමට නියමිත බව ඇමතිවරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල්, නාමල්, මහින්ද, ශිරන්ති, යෝශිත.... චිචී... ඔය පරම්පරාවේ ගෙවල් පරික්ෂා කෙරුවා නම්... උගන්ඩාව මිලට ගන්න තරම් ඩොලර් ළඟ තියෙනවා. නමුත් ඔවුන්ට බයේ... තක්කඩි ඇමැතිවරු... කිසිම දෙයක් කරන්නේ නැහැ. අනුර කුමාර ඇතුළු තරුණ කොල්ලන්ට මේ රටබාරදුන්නා නම්. ඔය කට්ටිය හිරගෙදරට යවලා. දේපළ මුදල් හැමදෙයක්ම රාජ සන්තක කරලා. සේරම වැසියන්ට සතුටින් ඉන්න රට හදලා දෙනවා... පෙළපාලි ගිහින් නෙමෙයි මරාගෙන මැරිලා...
බන්දුලගේ මේ සැලැස්ම විපක්ෂයේ හිටිය කාලේ ඉඳලාම තිබුණා. ඒත් මේ ගැන ප්‍රසිද්ධියේ කියවන්න පටන් ගන්නේ තොණ්ඩුව බෙල්ල ළඟටම ආවට පස්සේ. ඊටපස්සේ ආපහු අමතක කරලා, ඊළඟ මැතිවරණය එනකන් බලාගෙන ඉන්නවා.
ඕක කියන්න රාජපක්ෂලාට අපි මේ වේලක් දෙකක් කාලා බොහෝම අමාරුවෙන් ජීවත් වෙනවා. අපට කොහෙන්ද ගබඩා කරලා තියන්න විදේශ විනිමය...?
දැන් බැසිල්ලා, මහින්දලා පෙරටු කරගෙන ඒ පැත්තේ කට්ටියයි, රනිල් පෙරටු කරගෙන මේ පැත්තේ කට්ටියයි පෝලිමේ ඉඳීවි නේද බැංකු ඉස්සරහ...?
හලෝ. බ් ට්. ඔයා බැසිල්ද ) අනුර කුමාරට වයස 50-60 ක් වුනත් මොකද කොන්ද කෙලින් තියන් සටන් කරන්න පුලුවන්නම්. වයස කියන්නෙ අන්කයක් විතරයි. අනුරට සහය දෙන්න කවුරුත් නැහැ. නමුත් අනිත් මිහරක් එක රැ නට කැගහන්නෙ තමන්ගෙ බොක්ක පුරවන්න මිසක් ජනතාව වෙනුවෙන් නොවෙ. බැසිල් මහින්ද වගෙ තව තව පවුල් දෙකක් ලන්කවෙ හිටියානම්. ඔය ටිකවත් ඉතිරිවෙන්නෙ නැහැ. සමහර සින්හල මිනිස්සු ඉන්නව. කන්න නතිවුනත්. හොරුන්ට කඩේ යනවා බඩ ගාගෙන. ගැනියි දරුවොයි හිගා කනවා. දෙවියන් වහන්සෙ පිරිමියා ගෙ කොන්දු ඇටයකින් ගැහැනිය මැව්වා එක තමයි මෙ කට්ටියගෙ. කොන්ද පන නැත්තෙ. මොලයක් නැතිව ඉපදෙනවට වැඩිය හොන්දයි මැරිලා යනවා