
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.
මේ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් සූදානම් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් ආචාර වෙඩිමුර සහ පෙළපාළි කිසිවක් ඊට මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
එසේම ජනපති ධජය භාවිතා නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් එම ධජයද මේ උත්සවයේදී නොඑසවෙන බව ඔහු සඳහන් කළේය.
මේ උත්සවය වෙනුවෙන් විශේෂ පෙරහුරු උත්සවයක් ඊයේ (2) පැවැත්විණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහළු නිවාස විවෘත කිරීම...!