බිත්තර හිගය උග්‍ර වෙයි: හෝටල් වැසී යන ලකුණු බිත්තර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ සියලුම හෝටල් වැසි යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 15 November 2022
මැණික් සොයා මාඑළිය රක්ෂිතය වනසති බගවන්තලාව මහඑලිය රක්ෂිතයට විශාල පරිසර හනියක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 19 දෙනෙක් අද අලුයම මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 15 November 2022
කිරිපිටි කිලෝ ලක්ෂ 4 ක් දින 25 ක් වරායේ හිරවෙලා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා කිරිපිටි කිලෝග්රැම් ලක්ෂ 4 ක් අඩංගු කන්ටේනර් 17 ක් දින 25 ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්ෂ්මන් විජේසූරිය මහතා අද (15) පැවසීය. 15 November 2022
කංසා වලට දුන් තැන රා වලටත් ඉල්ලයි කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
දයාසිරි ලීක්වාන් යූ ට උත්තරයක් දෙයි ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
කෑම පෙන්නා කුඩු විකුණලා ගම්පොළ නගරයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයමින් සියලුම වර්ගයේ මත්දුව්‍ය අලෙවිය, ප්‍රවාහනය, ජාවාරම සිදු කරන ස්ථානයක් වටලා තරුණයන් අට දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 November 2022
සජබ ඇතුළු පක්ෂ-කණ්ඩායම් 16ක් මැතිවරණයක් ඉල්ලා කොමිසමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කිරීමට අද (15) පියවර ගත්හ. 15 November 2022
අධිකරණ ඇමති අල්ලස් කොමිසම පට්ට ගහයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම් මෙවැනි කොමිසමකින් මේ රටට ඇති ඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2022
ගම්පහ වෙඩි තැබීමක් ගම්පහ මාකවිට සියඹලාපිටිය ප්‍රදේශයේදී අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 15 November 2022
තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 November 2022
දරුවන්ගේ-කාන්තාවන්ගේ ගැටළු කියන්න දුරකථන අංක දෙකක් දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටළු යොමු කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්ෂණ අධිකාරිය සහ කාන්තා කාර්යාංශය ක්ෂණික දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබේ. 15 November 2022
අයවැයට ඡන්දෙ දෙන්න වඩිවෙල් ගෙන් කොන්දේසියක් වතුකරයේ ජනතාවගේ පඩි සම්බන්ධයෙන් අයවැයේ එකම වචනයක්වත් නැතැයි ද වතුකරයේ ජනතාවට සාධාරණයක් ඉටු කර තිබුණා නම් තමා අයවැයට පක්ෂව අත් දෙකම ඔසවන බවද සමගි ජන ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
රැජින අතර මඟ නවති අනුරාධපුර සිට බෙලිඅත්ත බලා අද (15) උදෑසන 5.00ට ගමන් ඇරඹූ රජරට රැජිණ දුම්රිය ඉන්ධන කාන්දුවක් සිදුවීම හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය වී ඇත. 15 November 2022
ජනතාව නිකං ඉන්නව නම් රාජ්‍ය සේවය කිරෙන් පෙරුවත් වැඩක් නෑ මහජනතාව වැඩ වැඩ කරන්නේ නැතිනම් කිරෙන් පෙරපු රාජ්‍ය සේවයක් හැදුවත් වැඩක් නැතැයි ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 15 November 2022
රජිව් ඝාතනයෙන් නිදහස් වූ හතරක් යළි මෙරටට රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයට වැරදිකරුවන් ව නිදහස ලැබූ සයදෙනා අතර සිටින ශ්‍රී ලාංකිකයන් හතරදෙනා මෙරටට එවීමට කටයුතු කරන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කළ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 15 November 2022
සෞදි යන ඉංජිනේරුවන්ට දැනුම් දීමක් සෞදි අරාබියේ ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව යෑමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචිවීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 15 November 2022
කාමරයේ ගැටළුව විසදේ: දුම්රිය වර්ජනය අවසන් දුම්රිය රියදුරන් පිරිසක් නවාතැන් සඳහා කාමර ඉල්ලා අද (15) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පස්වරු 1.30 ට අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 November 2022
ලෝක ජනගහනය බිලියන 8 පසු කරයි ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි. 15 November 2022
ඇමරිකාවේ සෙනෙට් නියෝජිතයෝ පිරිසක් කතානායක හමුවෙති ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ (SFRC) කාර්ය මණ්ඩල සාමාජිකයෝ පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ. 15 November 2022
බොරතෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (14) දිනට සාපේක්ෂව පහළ ගියේය 15 November 2022
කුරණදී දුම්රියක් අනතුරකට ලක්වෙයි පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් සහ බහලුම් රථයක් අද (15) අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් ඇති විය. 15 November 2022
බඩගිනි මිනිහට බිලී කොක්කක් දුන්න අයවැයක් බඩගිනියි කියන මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
හිරුණිකාට ඇප කුරුඳුවත්ත ප්‍රදේශයේදී විරෝධාවක සහභාගී වී පොලිස් රාජකාරියට බාධා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය. 15 November 2022
අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ලක්ෂ අනූවක් පවුලට මැයි මස 9 වැනිදා කලහකාරීන් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතුකෝරාළ මහතාගේ බිරිඳ වෙත ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. 15 November 2022
ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනපු අයවැයක් ව්‍යාපාර කඩා කඩාගෙන වැටී ඇති මොහොතක් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
’’අයවැයට රෙදි ඇඳන් සහය දෙන්න බැහැ’’ ඩොලර් මිලියන 150ත් 300ත් අතර ප්‍රමාණයක් මාසයකදී අයුතු ආකාරයට මේ රටෙන් පිටව යන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) අනාවරණය කළේය. 15 November 2022
යූරියා ගොඩබෑම අරඹයි මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම හෙට (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 15 November 2022
රනිල්ට සියඹලාපිටියගෙන් ලොකු සහතිකයක් එක මන්ත්‍රී ආසනයක් තිබුණු පුද්ගලයකු රට වෙනුවෙන් අභියෝගය බාරගෙන ඉදිරිපත් වූ නිසා ප්රජාතන්ත්රවාදය තහවුරු කර ආර්ථිකය යම් මට්ටමකට ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 15 November 2022
ෂී ජින්පින් - බයිඩන්ට මූණටම කියයි ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. 15 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026