
(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව මහඑලිය රක්ෂිතයට විශාල පරිසර හනියක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 19 දෙනෙක් අද අලුයම මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
බගවන්තලාව , නොර්වුඩ් , බලංගොඩ , රත්නපුර යන ප්‍රදේශවල පදිංචි මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විසින් විශාල පරිසර හානියක් සහ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජල මුලාශ විනාශ කරමින් මැණික් ගරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
අනවසර මැණික් ගැරිමේ නිරතව සිටි සැකකරුවන් එම රක්ෂිතය තුල තාවකාලිකව කුඩාරම් පවා ඉදි කරගනිමින් රක්ෂිතය තුල නතර වි මැණික් ගැරිම සිදු කර ඇති බවත්, රක්ෂිතය තුල පිහිටි විශාල දැව කපා විනාශ කර එම දැව කදන් ගිණිමැල ගැසිම සදහා සහ ඉහුම් පිහුම් කටයුතු සදහා භාවිතා කර ඇති බවයි වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව , නොර්වුඩ් , බලංගොඩ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් තම භාරයට ගත් බවයි වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිහු පැවැසූහ.


COMMENTS
මේ මිනිස්සුන්ව අත්අඩංගුවට අරන් ඊට පස්සේ පොලිසියේ අය මැණික් ගැරිල්ල කරනවා කියලත් ආරංචියි