IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනතාව නිකං ඉන්නව නම් රාජ්‍ය සේවය කිරෙන් පෙරුවත් වැඩක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහජනතාව වැඩ වැඩ කරන්නේ නැතිනම් කිරෙන් පෙරපු රාජ්‍ය සේවයක් හැදුවත් වැඩක් නැතැයි ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රට ගොඩගන්න නම් ජනතාව වැඩ කරන්නම ඕන බවද ජනතාව ඒ තැනට අරගෙන රටක් විදියට නැගිටින්නේ කොහොමදැයි  වැඩපිළිවෙළක් හැදිය යුතු බවද රොෂාන් රණසිංහ මහතා කීය.

"යුද්ධයෙන් පසුව ජපානය  බිංදුවට වැටුණා. ඔවුන් දියුණු වුණේ රාජ්‍ය සේවකයන් දේශපාලකයන් මෙන්ම මහජනතාවත් හොඳින් කැප වීම නිසා .අපේ වගකීම හා වගවීම හදන්නේ නැතිව කවදාවත් ඉදිරියට යන්න බෑ.ඒ සඳහා ක්‍රියාත්මක වන ව්‍යූහයක් හදන්න අයවැයෙන් උත්සාහ කර තිබෙනවා.

උද්ධමනය අඩු කරන අතර පොලී අනුපාතය අඩු කර ජනතාව නැවත ආයෝජන සඳහා යොමු කරන්නේ කෙසේද යන කාරණය ගැන අප අවධානය යොමු කර තිබෙනවා.

2023 ජනප්‍රිය අය වැයක් නොවේ. වාහනයක් ගේන්න පුළුවන් කවදාදැයි ජනතාව බලාගෙන ඉන්නවා.ඒ තැනට යන්න නම් ඉක්මනින් රටේ ආර්ථිකය  නැංවිය යුතුයි"යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා කීය.

 



අදහස් (9)

ජනතාව නිකං ඉන්නව නම් රාජ්‍ය සේවය කිරෙන් පෙරුවත් වැඩක් නෑ

sena Tuesday, 15 November 2022 02:19 PM

ඔයා ඇඳන් ඉන්න ඇදුමත් සල්ලි ගෙවන්න ඇත්තේ මහජනතාව වන අපි.

:       4       23

Hafeel Tuesday, 15 November 2022 02:24 PM

මෙයා කියන එකේ අත්තක් තියනවා. ජනතාව නැවත නැවත හොරුන්ව පත් කරන්න නැතුව, තමන්ගේ වගකීම් හරියට කළා නම්, මේ රට ගොඩ දාන්න පුළුවන්.

:       2       26

Sunil Tuesday, 15 November 2022 02:28 PM

නිසි කලට පොහොර නැහැ, බීජ නැහැ, ඉතින් ජනතාව වැඩකරන්නේ කොහොමද.?

:       3       22

sharm warn Tuesday, 15 November 2022 02:45 PM

අන්න හරි.. ජනතාවනි.. වැඩ පටන් ගන්න.. . මෙ කම්බ හොරුන්ව එලවන්න. . ඊට පස්සෙ මෙ රට ට කිරි ඉතිරෙයි ..කතා දෙකදෙ නැතුව..

:       2       20

Rexi Tuesday, 15 November 2022 03:12 PM

ලොක්ක ඔබත් ඒකට ඇතුලත්, මොකද ඔයා ජනතව නෙමේද? කැඩිච්ච නැති කන්නාඩිය ඉස්සරහට ගිහින් අහන්න තමුන් කවුද කියල, හැබැයි ගොඩක් උන් දාගෙන ඉන්න පාට කන්නඩි දාන් නැතුව, එතකොට හෙලුව පෙනෙයි

:       0       10

CC Tuesday, 15 November 2022 03:23 PM

විකාර කථා කියා රට මුලා නොකර ජනතාවට රට ගැන හැඟීමක් ඇතිවන පරිදි දේශපාලකයන් ආදර්ශවත් වී හරි ක්‍රමවේද ඇතිකරන්න,කිසිදු කෙනෙකුට වංචාව දූෂණය කල නොහැකි ලෙස යන්ත්‍රණය ශක්තිමත් කරන්න, නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන පොලීසිය ජනතාව ආරක්ෂා කරන අපක්ෂපාතී නීති ගරුක ආයතන බවට පත්කරන්න, රටේ සම්පත් නිවැදි දිශානතියකට යොමුකරන්න,උදා:- ධිවර අංශයේ ආයෝජන පුළුල් කරන්න,ශ්‍රම සම්පත වන තරුණ තරුණියන් දෙස් විදෙස් රැකියා අරමුණුකරගෙන පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් සකසන්න,ඔවුන් රජයේ වියදමින් හෝ විදේශ රැකියාවලට යවා වැයවූ මුදල් අයකර ගැනීමට අරමුදලක් සකසන්න,සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ නව මංපෙත් සොයන්න ,දේශීය කර්මාන්ත ඇති කිරීමට දිරිගන්වන්න,නව ආයෝජන දිරිගන්වන්න ,අරපිරිමැස්මෙන් කටයුතු කරමින් රටට ආදර්ශයක් දෙන්න රජයේ මුදල් සාඝීක දේපළ ලෙස සිතන්න තරුණ පරපුරට මෙරට තුළ අනාගතයක් ඇති රටක් බව විශ්වාසය ගොඩ නගන්න නැතිනම් ඊලඟ මහ මැතිවරණයේදී මෙතෙක් බලයට නො ආ කණ්ඩායමකට රටේ අනාගතය බාර දීමට සියළු තරුණ ඡන්ද දායකයන් පෙළ ගැසීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි වනු ඇත..

:       0       13

fairoos Tuesday, 15 November 2022 03:51 PM

එතන යහපාලනය කාලේ හොඳට තිබිච්ච රට ජාතිවය අවුස්සලා රටට කරපු අපරාදය.

:       0       0

චන්දන Tuesday, 15 November 2022 03:57 PM

ඇත්ත තමා. තමුන්නැහැලා පාර්ලිමේන්තු යැවීමට රාජ්‍ය සේවකයන් ද වග කිව යුතුය . මින් පස්සේ එහෙම වෙන එකක් නැහැ .

:       0       11

ගමේ එකාලා Tuesday, 15 November 2022 05:20 PM

ජනතාව දේසපාලුවන්ව පාර්ලිමේන්තුවට යවපු එකේ විපාක . බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ . මැතිඇමතිකම් අරගෙන සදහටම බලයේ ඉන්දන් තමුන්ගේ පැවැත්ම ගැන හිතුවා. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තා .අද මහජනතාව නොවිදිනා දුක් වින්දින්නේ දූෂිත දේසපාලුවන් රටට කරපු විනාසේ නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site