IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ලක්ෂ අනූවක් පවුලට

(අංජුල මහික වීරරත්න)

මැයි මස 9 වැනිදා කලහකාරීන් විසින් ඝාතනය කෙරුණු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතු‍කෝරාළ මහතාගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්  සිදු විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියෝජ්‍ය කථනායක අජිත් රාජපක්ෂ මහතා අදාළ චෙක් පත ජනාධිපතිවරයාට බාරදුන්  අතර අනතුරුව ජනාධිපතිවරයා  චෙක්පත අමරකීර්ති අතුකෝරාළ මහතාගේ බිරිඳ සහ පුතණුවන්ට ප්‍රදානය කළේය. 

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 183දෙනෙකු මුදල් පරිත්‍යාග කර තිබේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින ආණ්ඩු පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 දෙනකුගෙන් සමන්විත “මාදිවෙල සංවිධානය"  අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් මෙම අරමුදල් එකතු කිරීම ආරම්භ කළ බවත්, ඊට පසුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඊට හිමිවීම සුවිශේෂී කරුණක් බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. 

ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරළ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී නියෝජ්‍ය කථානායකවරයා මෙයට පෙර පාර්ලිමේන්තුවේදී ඝාතනයට ලක්වූ හිටපු මාතර දිසා අමාත්‍යවරයකු වූ කීර්ති අබේවික්‍රම මහතා වෙනුවෙන්ද මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබාදෙන බවත් ඒ අනුව අතුකෝරාළ මන්ත්‍රීවරයාගේ පවුලට ද එම දීමනාව ලබා දිය හැකි බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ලක්ෂ අනූවක් පවුලට

ලුම්බිණි Tuesday, 15 November 2022 12:57 PM

දැන් බලමු අපි අර රඹුක්කනදී පොලිසියෙන් වෙඩි තියපු කෙනාට රනිල් කීයක් දෙනවද කියල.

:       9       19

athuraTuesday, 15 November 2022 02:45 PM

හරියට නිවුස් එක කියෙව්වෙ නැද්ද.රනිල් දුන්නට රනිල්ගෙ සල්ලි නෙමෙයි දීල තියෙන්නෙ.පාර්ලිමේන්තු මන්ත්‍රීන් එකතු කරපු සල්ලි.

:       2       7

thushara Tuesday, 15 November 2022 01:02 PM

ඒ ගොල්ල නිසා අසරන මිනිසාගේ පව්ලට මොනවද දුන්නේ

:       6       11

fairoos Tuesday, 15 November 2022 02:01 PM

නිකම් නෙවයි මෙ අය පාර්ලිමෙන්තු යන්ඩ මෙචර දගලන්නෙ

:       6       6

sharm warn Tuesday, 15 November 2022 02:39 PM

එතකොට. . .ඔතනදි වෙඩි තියද්දි. .වෙඩි වැදිලා මැරිච්ච පිරිමි ලමයට . . ?? හුලන් ද?

:       4       3

සනත් බණ්ඩාර Tuesday, 15 November 2022 03:42 PM

ඒ ළමයාගෙ වැඩපොළේ මිනිස්සු සල්ලි එකතු කරලා දෙයි.

:       0       0

මැක්ස් Tuesday, 15 November 2022 03:39 PM

කීර්ති අබේවික්‍රම මහතා මෙන්ම අතුකෝරල මන්ත්‍රීවරයා ද ඝාතනය කළේ එකම මිනීමරු කොට්ටාසය විසිනි. ඒ මුර්ගයින් හිර ගෙවලට ගාල් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site