(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම් මෙවැනි කොමිසමකින් මේ රටට ඇති ඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ඒ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමාගෙන් පැය හතර පහ ප්‍රශ්න කිරීම් නම් හොඳට කළ බවද ඔහු සඳහන් කළේය.
රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදීය.
COMMENTS
දැං තේරෙනවා ද ස්වාධීන කොමිෂන් සභා වල ප්‍රයෝජන මොකක්ද කියල .
උන් උන්ම උන්ට ඕන උන් පත්කරගත්තම ඔහොම තමයි. අනික ඔයකියනදේ කරනවානම් එක ස්වාදීන වෙන්නේ කොහොමද
මෙයත් ඩීල්දාස නිසා මෙයාටත් ඇරියස් එකක් ඇති. ඒකත් විසුරවල ඒගොල්ලන්ගෙම සෙට් එකක් දාන්න වගෙ කලපනාව.
මම හතර පහක් නොවෙයි පැමිණිලි 14 ක් විතර කරල තියෙනව. පැය 100 ක් විතර මගෙන් කට උත්තරත් ගත්තා. දවස් 20 ක් 30 ක් විතර මාව කැදවූවා.දකුණ පළාතෙ ගුරැවරැන්ට නිල ඇදුමක් කියල රැපියල් 5000/- ගානෙ දීල අතිවිශාල මුදලක් ගසා කෑවා.ඒ විතරක් නොවෙයි කලාප 11 ක් මේ උත්සව සංවිධානය කරල තවත් ලක්ෂ ගානක් විනාශ කලා. මේ එකක් විතරයි. තව කොච්චර දේවල් ගැන මම පැමිණිලි කරල තියෙනවද.මේව කරල දැන් අවුරැදු හත අටක් විතර වෙනවා.නමුත් මේ එකකට වත් ගත්ත පියවරක් නැහැ.මහජන මුදල් කාබාසිනියා කරන මේ කොමිෂන් මොකටද කියල පශ්න කල යුතුය.
අල්ලස් කොමිසම ගැන මොන කතාද .තමුන්නැහේ ඉන්න පාර්ලිමේන්තුවෙනුත් රටට කිසි වැඩක් නැහැනේ
මෙයා ගෙ ගජය සේනාදිපතියි , වජිර අබේවර්ධන කියන සටිටැඹියයි එකට එකතුවෙලා තමයි එක සැරයක් අල්ලස් කොමිසමේ සභාපති රස්සාවෙන් දොට්ට දැම්මෙ