(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යාපාර කඩා කඩාගෙන වැටී ඇති මොහොතක් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මිලියන එකොලොස් දාහක් ගිය වසරේ ලාභ ලබා තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්නට ආණ්ඩුව පාවිච්චි කරන තර්කය කුමක්දැයි හේරත් මහතා ප්‍රශ්න කළේය.
පාඩු ලබන රාජ්‍ය ආයතන නොව අසීමිත ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන විකුනන්නේ කුමටදැයි ප්‍රශ්න කළ හේරත් මහතා ලාභ ලබන ආයතන එක සැරේ විකුණා එයින් ලැබෙන කුට්ටිය අර්බුදය විසඳන්න පාවිච්චි කිරීම ආණ්ඩුවේ අරමුණයි යැයිද එයින් වන දිගුකාලීන හානිය ගැන සිතන්නේ නැතැයිද කීය.
අයව දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් විජිත හේරත් මහතා මෙි බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡීවිතයටම තමුන්ලාට කර ගන්න බැරි දෙයක් තවකෙක් නරනව දකින්න බැරි කුහක තමුන්ලා කවද්ද පවතින රඡයක හොඳක් දැක්කෙ. ඉන්නෙම කකුලෙන් අදින්න.
මෙයා තමයි චීනයට සමිමන්ත්‍රණයකට ගිහිල්ල අන්තිම දවසේ හෝටලේ බීල කනමදය වගෙ වැටිල ඉදලා, කියල තියෙන්නෙ, ශීතල නිසා චුටිටක් බිවිව කියල තියනව පටිටයි නේද මෙයා .....
ලංකාවෙ ඉන්න බයියන්ට කොහෙද මෙව තේරෙන්නෙ
හරියට හරි, ෆයිල් තියාගෙන ජන්දය ඉල්ලනවා වගේ .