(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එක මන්ත්‍රී ආසනයක් තිබුණු පුද්ගලයකු රට වෙනුවෙන් අභියෝගය බාරගෙන ඉදිරිපත් වූ නිසා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ආර්ථිකය යම් මට්ටමකට ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
සියඹලාපිටිය මහතා මෙසේද ප්‍රකාශ කළේය.
අරගලයෙන් පසු අවිධිමත් කණ්ඩායමකට පාර්ලිමේන්තුව අත්පත් වෙන්න ගියා. එහෙම වුණා නම් අයවැයක් නැහැ. රටේ අභියෝගය එක මන්ත්‍රී ආසනයක් තියෙන පුද්ගලයකු බාරගත්තා. ඔහු රනිල් වික්‍රමසිංහ මහත්තයා. එක මන්ත්‍රීවරයකු අභියෝගය බාරගත් නිසා අද මේ අය වැය ඉදිරිපත් කරන්න හැකි වුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න හැකි වුණා. වර්තමාන මුදල් ඇමතිවරයාට මේ අය වැය ඉදිරිපත් කිරීමට සිදුවී ඇත්තේ අභියෝගාත්මක කාලයකයි. රටේ අභියෝගය බාර ගත්තා සේ අයවැය අභියෝගයත් ඔහු බාරගෙන කටයුතු කළා.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රනිල්ට සියඹලාපිටියගෙන් ලොකු සහතිකයක්
sena Tuesday, 15 November 2022 11:01 AM
මෙ මනුස්සයා හිතාගෙන ඉන්නෙ තමන්ට ප්‍රස්න නැති නිසා අනිත් මිනිස්සුන්ටත් ප්‍රස්න නැහැ කියලා.
saman Tuesday, 15 November 2022 11:42 AM
කිසිම ප්‍රතිපත්තියක් නැති , බලය වනුවෙන් ඔනෑම දෙයක් කරන අම්බරුවෙක්. මුන්ට තවත් රැවටෙන්න ඔන නෑ.
නිමේෂ් Tuesday, 15 November 2022 11:56 AM
රනිල්ගේ අය වැය කතාවේ මුල් ටික අහගෙන ඉන්නකොට මට හිතුනේ එයා පපොච්ච්රනයක් කරනවාවත් ද කියල අවුරුදු 45ක් තිස්සේ පාර්ලිමේතුවේ / විවිද රජයන්වල ඉඳල මේ රට විනාශ කරපු විදිහ කියා කියා යනකොට , අන්තිම ටික අහගෙන ඉන්න කොට හිතුන රනිල්ට එක්සත් ජාතික පක්ෂේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශයයි අය වැයයි පැටලිලා දෝ කියලා
fairoos Tuesday, 15 November 2022 12:22 PM
මෙ කටු කන ඇමතිට දැන් මහබැංකු හොරා රට ගොඩ ගන්ඩ ආපු වීරය වෙලා
sene Tuesday, 15 November 2022 01:02 PM
මෙවැනි අය-වැය කී වතාවක් අහල තියනවද ? මංගල මහතාව මතක් වෙනවා, ආර්ථික ඉදිරි සැලැස්මක් නැති බන්කොලොත් රටක බන්කොලොත් දේශපාලයෙකුගේ බන්කොලොත් අය- වැයක් ලෙස පෙනේ.
Sunil Tuesday, 15 November 2022 01:39 PM
රනිල්ට ජනතවගෙන් ලැබෙන සහතිකය මෙකයි: රට වෙනසෙම හොදටම කල ගොටගෙ ගමන් මග තවත් වෙගවත් කල පුද්ය. මහ බැංකුව හොරා කෑව මදිවට දැන් රටම වනසනව. නැවත වතාත් ගොඩගන්න බැරි ආකාරයටම.