
(යොහාන් භාසුර)
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් සහ බහලුම් රථයක් අද (15) අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් ඇති විය.
මීගමුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.10 ට කොළඹ කොටුව බලා ධාවනය වූ මගී දුම්රිය කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ හරස් මාර්ගයකදී පෙරවරු 10.15 ට පමණ බහලුම් රථය ගැටීමෙන් අනතුර සිදුවූ අතර මෙම අනතුරු හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීය.
අදාල බහලුම් රථයේ ගැටුණු දුම්රියේ රියදුරු කුටියට දැඩි අලභානී සිදුවී ඇති බවත් බහලුම් රථයේ කන්ටේනරය පෙරළි තිබුණි.
අනතුරට ලක්වූ දුම්රිය මාර්ගයෙන් ඉවත්කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අද (15) පස්වරුවේ පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් මලකඩ දැක්ක නේද.?
ඉන්දියාවෙන් අපිට පටවපු කාර්ඩ්බෝඩ් දුම්රිය.
අද ලෝකයේ තියන නවීන තම දුම්රිය මැදිරි දැකලා තියනවා නම්, කවුරුවත් මේ වගේ ලදරම් වලට ලජ්ජා නැතිව දුම්රිය .කියන එකක් නැහැ. ලජ්ජා වෙයල්ලා මිනිසුනේ.. දැන් පේනවා නේද ලංකාවේ තක්කඩි පාලකයින්ගේ කෙරුවාව???
කෝචිචියට වඩා ලොරි මුන හොදට තියෙනවා
මේ දුම්රිය මැදිරි ඉන්දියන් මලකඩ ද ලගඩම් ද කියන එක නොවෙයි වැදගත්. ඉන්දියාවට මෙහෙම දෙයක් හෝ නිපදවා අපනයනය කරගන්න පුළුවන්. ඒත් අපට ? ඒක නිසා නේද හැට දේටම අපට ලෝක වටේ හිඟා කන්න වෙලා තියෙන්නෙ.
මේ දුම්රිය මැදිරි ඉන්දියන් මලකඩ ද ලගඩම් ද කියන එක නොවෙයි වැදගත්. ඉන්දියාවට මෙහෙම දෙයක් හෝ නිපදවා අපනයනය කරගන්න පුළුවන්. ඒත් අපට ?
ලොරියක් දුම්රියේ හැප්පිලාද? නැත්තම් කාඩ්බෝඩ් දුම්රියක් ලොරියක හැප්පිලාද? හැබැයි දුම්රියට තමයි ගොඩක් අලාභ සිද්ද වෙලා තියෙන්නේ...
ප්‍රශ්නය තියෙන්නේ අනාරක්ෂිත දුම්රිය මාර්ග වලයි.