IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞදි යන ඉංජිනේරුවන්ට දැනුම් දීමක්

 

(යොහාන් භාසුර)

සෞදි අරාබියේ ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යෑමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචිවීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

සෞදි අරාබි රාජ්‍යයේ ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රාශියක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත මෙම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ දිනවල සෞදි අරාබියේ නිල සංචාරයක නිරතව සිටින බවත් එම කාර්යංශය කියයි.

සෞදි අරාබියේ ඉදිකිරීම් වැඩබිම්වල ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගතවන්නේ නම් විදේශ ගතවීමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බව ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව කියන විදේශ සේවා කාර්යංශය රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සුදුසුකම් ලත් පුද්ගලයින් https://eservices.saudieng.sa/ar/accreditation/pages/foreignregistration.aspx යන වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වියයුතු බව ද සඳහන් කළේය.



අදහස් (0)

සෞදි යන ඉංජිනේරුවන්ට දැනුම් දීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site