(සුරංග රාජනායක)
ගම්පොළ නගරයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයමින් සියලුම වර්ගයේ මත්දුව්‍ය අලෙවිය, ප්‍රවාහනය, ජාවාරම සිදු කරන ස්ථානයක් වටලා තරුණයන් අට දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැක නොසිතන ආකාරයට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානය පාසල් ළමුන් තරුණයන් ඇතුළු පිරිස් පැමිණීම පිළිබඳව දීර්ඝ කාලයක් නිරීක්ෂණය කොට ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා සමග ගම්පොල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කරනු ලැබීය .
මෙම හෝටලයේ උඩුමහලේ කාමර තුනක මෙම ජාවාරම සිදු කර ඇති අතර නගරයේ අවට නිරීක්ෂණය කිරීම සඳහා රහසිගත කවුළු කීපයක් ද සකසා ඇති බව පොලිසිය නිරීක්ෂණය කරනු ලැබීය .
මෙම ස්ථානය තුළ හෙරොයින් .ඈස්(හසිස්) අයිස්, ගංජා, මත් පෙති අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබූ අතර අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනා ළඟ මෙම මත්ද්‍රව්‍ය තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
මේ සමග මත්ද්‍රව්‍ය අලෙවි කර ලබාගත් රුපියල් එක්ලක්ෂ හය දහසක මුදලක් ද පොලිස් භාරයට ගනු ලැබීය .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෑම පෙන්නා කුඩු විකුණලා
sharm warn Tuesday, 15 November 2022 04:54 PM
බොහෝ වෙලාවට පාර අයිනේ පැපොල් කෙසෙල් විකුණන තට්ටු වලත් යටින් යන්නේ මත්ද්‍රව්‍ය