(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බණ්ඩාරනායක ජනප්‍රිය තීන්දු ගන්නා විට තමා අමාරු තීරණ ගත් බවත් සිංගප්පූරුවේ අගමැති ලීක්වාන් යූ කිවුවා යැයි කතාවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් සඳහන් කළ බව කී ජයසේකර මහතා බණ්ඩාරනායක මහතා සහ මැතිණිය ගත් අමාරු තීන්දු නිසා තමන් ද පොඩි එකෙක් ලෙස පාන් පෝලිමේ සහ භූමිතෙල් ගඳ රෙදි ගන්න පෝලිමේ සිට තිබෙන බව පැවසීය.
ජනාධිපතිතුමාගේ මාමණ්ඩිට බණ්ඩාරනායකවරුන් රට බාරදෙන විට අය වැය අතිරික්තයක් තිබුණ බවද ජේ. ආර් ජයවර්ධන මහතා මහතා ජනප්‍රිය තීන්දු ගෙන රට නිෂ්පාදන ආර්ථිකයේ සිට යැපුම් ආර්ථිකයක් බවට පත් කළ බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
එම කාරණය අවබෝධ කර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බව කී ජයසේකර මහතා මෙය ඉතා අමාරු අය වැයක් බවද රටක් ලෙස ඉන්නේ අමාරු තැනක බව පිළිගත යුතු යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර කියෝනව ඒ් පාර. උනුත් එකයි මුනුත් එකයි ඔක්කොම රට කෑව. බණ්ඩාරනායක ඉද්දි ආපු ඉපඩිලත් නෑ .
මේ ගොයියා ඉපදිලා තිබෙන්නේ 1969. 1956 රටේ තිබුන තත්ත්වය මෙගොයියා දකින්න විදිහක් නැහැ 1956 මෙයා හිටියේ තාත්තාගාව. බණ්ඩාරනායකලා ඒකාලේ ඒ තීරන තීන්දු නොගත්තානම් මෙයා විස්ව විද්‍යාල වලට යන්නේ නැහැ. හෙට්ටිපොල වැනි ප්‍රදේශ වලින් පටන් ගත්ත ළමයින්ට විශ්වවිද්‍යාල වලට යන්න පාර හැදුවේ බණ්ඩාරනායකලා. හොකොමද හලෝ බණ්ඩාර නායකලාට බැන බැන ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ඉන්නේ ගහල එලවන්න තිබෙන්නේ. බණ්ඩාර නායක තීන්දු ගත්තෙත් ලී කවායුන් තීන්දු තීරණ ගත්තෙත් රටේ හා රටේ සංස්කෘතියට අනුව. සිංගප්පුරුවේ අබින් ගගහ හිටපු මිනිසුන්ට හට ගන්නා තීන්දු වෙනයි බාශාව නිසා රජයේ රැකියාවල, විශ්ව විද්‍යාලවලට යාමට නොහැකිව ඉන්න මිනිස්සු වෙනුවෙන් ගන්න තීන්දු වෙනයි. ඒ කල්ලේ අපේ රටේ රජකාලේ දෙමල්ලු, මැලේ හා බර් ගර් ජාතිකයෝ මොකද ඉංග්‍රීසි බාශාව නිසා.
ජනප්‍රිය තීන්දුව කිව්වෙ බාසාව මුල් කරගත් දේශපාලනෙට. දයාසිරි පොට පටලවන්. 70-77 මොන බොරු නිශ්පාදන ආර්ථිකද? වදෙස් විනිමය නෑ බන්කොලොත් උනම බයිල කිව්ව.