
ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි.
2021 වසරේ ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.
ජනාධිපතිවරු දෙදෙනා ඉතා විවෘතව, දෙරට අතර පවතින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූහ. ඇමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ අර්බුද ඒ අතර කැපී පෙනෙයි. කිසිම අවස්ථාවක චීනය සමඟ ගැටීමේ අදහසක් ඇමෙරිකාවට නැතැයි බයිඩන් චීන ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේය.
තායිවාන අර්බුදය ද ජනාධිපතිවරුන් දෙදෙනාගේ ප්‍රධාන එක් මාතෘකාවක් විය. එම අවස්ථාවේදී, තායිවාන අර්බුදයට අත පෙවීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට සහ ඇමෙරිකන් රජයට සිය අප්‍රසාදය පළ කළේය.
තායිවාන අර්බුදය සම්බන්ධයෙන් දිගින් දිගටම අතපෙවීම් කරන්නේ නම්, එය චීනයේ රතු කට්ට ඉක්මවා යෑමක් වනු ඇතැයි ද ජනාධිපති ෂී ජින්පින් බයිඩන් හමුවේ පැවැසුවේය.
චීනය කටයුතු කරන්නේ චීනයට ආවේණික ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ බවත්, චීන තායිවාන අර්බුදයට ඇඟිලි ගැසීමෙන් වළකින ලෙසත් ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට අනතුරු ඇඟවීමක් ද කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෂී ජින්පින් - බයිඩන්ට මූණටම කියයි
ganegoda Tuesday, 15 November 2022 02:26 PM
චීන්නු යටිකුට්ටු වැඩ කරන්නේ නැහැ, කියන කරන දේවල් කෙලින්ම කියලා කරලා දාන එකට අපි හරිම ආසයි.
චන්දන Tuesday, 15 November 2022 04:03 PM
අන්න නායකත්වය . කිව යුත්ත කෙලින් ම කිවුවා . දැන් කිව්වේ නැහැ යි කියන්න බැහැ .