(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම හෙට (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කොළඹ වරායට ළඟා වී ඇති යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් සහිත නෞකාවෙන් පොහොර ගොඩබෑම නිරීක්ෂණය කිරීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
යූරියා පොහොර මලුවලට පිරවීමේදී නියමිත බර සහිත ද යන්න සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස අමාත්‍යවරයා එහිදී එම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එහිදී මාධ්‍යට අදහස් පළ කළ අමාත්‍යවරයා කීවෙි මේ වනවිට පොහොර සමාගම් දෙකෙහිම ගබඩා සියල්ල පොහොරවලින් පිරීගොස් ඇති බවත්, තවත් පොහොර ගබඩා කිහිපයක් කුලී පදනම මත ලබා ගැනීමට සිදුව ඇති බවත්ය.
ඇතැම් ගොවිජන සේවා මධ්‍යස්ථානවල කටයුතු කරන නිලධාරීන් ගොවි ජනතාවට ගොවිතැන එපාවන ආකාරයට කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි නිලධාරීන් සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත්, අවශ්‍ය වුවහොත් එවැනි නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පවා කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යූරියා ගොඩබෑම අරඹයි
CC Tuesday, 15 November 2022 12:07 PM
අප රටේ පෙර පරිදි කොලොන්නාව තෙල් පිරිපහදු සංකීර්ණය ආශ්‍රිතව යූරියා කම්හලක් ආරම්භ කරන්න අතීතයේදී යූරියා රටට ඇතිවෙන්න අප රටේ හැදුවා. යලි එපරිදි ඉටුකිරීමට කටයුතු කරන්න.යූරියා නැතිව කෘෂිකාර්මික රටකට ඉදිරි ගමනක් තිබේද? එයින් පොහොර ආනයන වියදම අඩු කර දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය හැකිය.