
(ෂේන් සෙනෙවිරත්න)
මහානායක හිමිවරුන් තම මතය ජනාධිපතිතුමන් හට ලිඛිතව දැනුම් දෙන අවස්ථාවලදීද අදාල ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා පිළිතුරක් හෝ නොලැබීම කණගාටුදායක තත්ත්වයක් බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියෝ පවසති.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ත්‍රෛනිකායික මහනාහිමිවන් රටේ පාලකයන්හට විවිධ අවස්ථාවන්හිදී යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම් දීම අතීතයේ සිට සිදු කළ කටයුත්තක් .
මහා නා හිමිවරුන් ජනාධිපතිවරුන් හට හෝ රාජ්‍ය පාලකයන් හට ලිපියක් යවන අවස්ථාවන්හිදී එම ලිපියට පිළිතුරු ලිපියක් හෝ එවීම සාමාන්‍ය සම්ප්රදාය වුවද එම සම්ප්රදාය මේ වන විට කඩවී ඇති බව මල්වතු මහා නා හිමියෝ අවධාරණය කරති.
විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ මතය සඳහන් කර යවූ ලිපියට මේ දක්වා පිළිතුරක් හෝ නොලැබීම අඩුම වශයෙන් එම ලිපිය ලැබුණද කියා මහා නා හිමිවරුන්ට දැනුම් දී නොමැති බව මල්වතු මහ නාා හිමියෝ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිස ඉදිරියේ අවධාරණය කළේය.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් මහනුවරට පැමිණ මල්වතු මහා නා හිමියන් අද බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ගේ අදහස් අවවාදයට ගන්න ගිහින් තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාට බහුතර බලයක් දීලා තියෙන්නේ ජනමතයට අනුව මේ හැමෝම යටත් විය යුතුයි. ජනාධිපතිතුමනි, සෘජු තීරණ ගන්න
නිරාගමික කල්ලතෝනින් අතට බලය ගියාම ඔහොම තමයි.
ධර්මය පිළිපැදීම හැර අනෙක් ඕනම දේකට කට දැමීම අපේ පාරම්පරික සිරිතක්.
දැන් රජවරු නෑ. වැඩ වසම් මානසිකත්වයෙන් මිනිසුන් ගලවගන්න එක තමයි කරන්න ඕන. රට ආපස්සට යවන්න බහුතර ජනතාවට අවශ්‍ය නැහැ.
ඒ ගැන හිතන්න එපා, ඔබ වහන්සේ බැහැදකින්න අධිකරන ඇමති ආවා ,ඇවිල්ල කරුනු වටහා දුන්නා
ඇයි මචං හර්ෂයි නලින්දයි ගෙදරටම ආව බව අමතක උනාද ?
කනගාටුවට, දුකට පත්වීම සංඝරත්නයට තරම් නොවේ. අං මට වැරදුනා ... උපේක්ෂාව කියන්නේ ආගන්තුක දෙයක්නේ මේ අයට.
මේ ලොකු සාදු ලණුවක් ගිල්ලා. ගිල්ලා නොවෙයි බලෙන්ම ගිල්ලව්වා. ලනුව ගිල්ලව්වේ එක්තරා නීතිඥ සංගමයක ලොක්කෙකුයි , ඌ වටේ හිටපු බංකොලොත් හොර මිනීමරු ,හෙට අනිද්දා හිරේට යන්න නියමිත දේශකාපාලුවන් පිරිසකුයි එකතුවෙලා. 22 වෙනි සංශෝධනය රටට විනාශයක් ගෙනෙනවා'' කියලා තමයි මුන් කීවේ. ඒ නරුමයින්ගේ බොරු ඇත්තයි කියලා විශ්වාසකරපු ලොකු සාදු ජනාධිපතිට ලියුමක් ලිව්වාලු. දැන් අද හැන්දෑවේ අර මුලින් කියපු නීතිඥ සංගමයේ නරුමයා කියනවා '' ජනාධිපතිතුමා කරන්න යන්නේ හොඳ දෙයක් '' කියලා. ලොකු සාදු'' ටූ ලේට් " .විපක්ෂයේ උන් එකතුවෙලා ඔබ වහන්සේව කෑවා !!!!!
හාමුදුරුවෝ මානව හිමිකම් කාරයෝ අල්ලාගෙන ආණ්ඩුව පෙරලන්න හදනවා වගේ? එහෙම නැත්නම් කාටහරි කඩේ යනවද?
පූජ්‍ය සුංගා, ඔබගේ කාර්යභාරය වන්නේ බුදු දහම වෙනුවෙන් කටයුතු කිරීමයි; රට පාලනය කිරීම, දේශපාලනය හෝ රජයට උපදෙස් දීම ඊට අයත් නොවේ. ඔබේ කාර්යය නිසි ලෙස ඉටු කරන්න; බෞද්ධ සිරිත් විරිත් වැනි දේ වඩාත් ප්‍රචලිත කිරීමට උත්සාහ කරන්න.
ජනාධිපති තුමා පැය 20 ක් රටෙ යහපත උදෙසා වෙහෙසවී වැඩ කරනව. තමුන්ගෙ කාරිය මොකක්ඩ කියල අන්ඩුනගෙන එක හරියට කරන්ඩ.
රජයේ දෙපාර්තමේන්තු අපි යවන ලියුම් වලටත් බොහොම කලාතුරකින් තමයි හාමුදුරුවනේ උත්තරයක් ලැබෙන්නේ .
සියල්ල උපේක්ෂාවෙන් දරාගන්න පෙර රජ දවසේ නොව බුදු රජුන්ගේ දවසේ සිට පැවත එන සුපේෂල ගූණයට අහෝ කුමක් සිදුවිනිද? විවෘත ආර්ථිකය එයත් විකුණුවාද? නැතහොත් දේශපාලනය මෙන් ශාසනයද ආරූඬ ප්‍රභූන්, නුසුදුස්සන් වැජඹෙන තැනක් වීද?
ඔය සංවිධායේ අය සිංහලද ? අවේ ඒක අහන්න ම ද අර සල්ලි අරන් සම්මාන දෙන අයද? දන්න කෙනෙක් පහදන්න..
පොඩ්ඩක් ඉන්න සාදු, පල්ලියෙ කාඩිනල්ගෙං අහල උත්තරේ කියයි. දැන්
ආණ්ඩුවේ පිළිතුර : හිත ගොළු වෙනවා අත වෙවුලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොළයට මුහුණ යොමන විට නෙත් දෙක පියවෙනවා.
ලියුමට පිළිතුරු නොලැබීම ගැන කණගාටු වෙනවා. හැබැයි සමහර හාමුදුරුවරු නොහොබිනා කුපාඩි වැඩ කරනවා ඒවා ගැන නම් කණගාටු වෙනවා දැක්කෙ නැහැ.
රාජ්‍ය පාලකයෙක් උනාම තියන වැඩ රාජකාරි ගැන දන්නවනං ඔහොම කියන්නෙ නෑ. පමාවී හෝ් පිලිතුරක් ලැබීම ගැන සතුටුවන්න.
බෞද්ධ දර්ශනයේ පැවිදි උතුමන් කිසිම විටෙක කනගාටු විය යුතු නැහැ... අටලෝ දහමින් කම්පා නොවිය යුතුයි අපේ හාමුදුරුවනේ.
ඔය වහන්සේලා අර පල්ලේගම අංකල්ගෙ සීන් එකට යවපු ලියුම ඉස්සෙල්ලම පෙන්නල ඉන්නකෝ
ඒක 77 වසරක ඉතිහාසයේ වැඩක් නොකරනා ආන්ඩුවක හැටි.ඔබ වහන්සේලාත් කෙලුන් දෙයක් නොකිය වටේ යන පිරිසක්.ඇයි කෙලින් කියන්නබැරි මේකට විරුද්ද බව.පිට කොන්දක ප්‍රස්නයක්ද,ලීඩර්ශිප් නැතිකමද? පාස්කු ප්‍රහාර ගැන කෑදිනල් කෙලින්ම මැදිහත් උනා තමන්ගෙ මිනිස්සු වෙනුවෙන්.ඒ ගැන විමර්ශනයට පත්කල යුතු මිනි ගැනත් කාදිනල් කිව.ඒත් දලදා මාලිගාවට,ස්‍රී මහා බෝදිය ට ප්‍රහාර එල්ල කරල සිය ගානක් මැරෙද්දි එදා හිටපු මහානායකවරු විමර්ශනයට මිනි පත්කරන්න කිවෙ නෑ.අදත් නෑ.වැරැද්ද එලෙසින් දැකීමෙ හයියක් නෑ.සාසනය අද නායකත්වයක් නැති තැනක් වෙලා.දේසපාලකයො පිරිකර අරන් එද්දි ඒ හැම එකාටම ආසීර්වාද කරනව.ඒකෙ වැරැද්දක් නෑ.ඒත් රට වෙනුවෙන් කෙලින් හිටගෙන විරුද්ධව නැගිටින්න ඔබ වහන්සේලා එන්නෙ නෑ
රටේ ප්‍රශ්න විසදන්න කලින් මිනිස්සුන්ගෙ අසරන සද්දාවෙන් වලත්තකම් කරන සිවුරු රදවන ටික යහමගට ගන්න වැඩ පිලිවෙල ක් හදන්න. නැත්නම් එලවලා දාන්න. මේ ඔබල විනාශ කරමින් සිටින්නේ බුදුන්වහන්සේ ගේ ශ්‍රේෂ්ඨ දරමයයි. බුදුන් වහන්සේ පව්
අටලෝ දහමින් කම්පා නොවී ඉන්න අපේ හාමුදුරුවනේ. හොරු ඇතුළට යනකොට ඔබ වහන්සේලා කලබල නොවී උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න.
හාමුදුරුවනේ, අර අනුරාධපුර ළමා දූෂකයා ගැන ඇහෙව්වේ නැද්ද.
බෙන්ස් එකක් දුන්නා නම් වැඩේ ෂේප් නේද හලෝ
පිස්සුද මන්දා? නිකම් ලියුමක් නෙමෙයි, ඇමතිලා දෙන්නෙක් කකුල් දෙක ළඟට එව්වා. ඒත් මදි. අනේ මන්දා මෙහෙමත් සංඝ පරම්පරාවක්.
රාජ්‍ය පාලනය කරන කටයුත්ත ආණ්ඩුවට භාරදීලා මේ හාමුදුරුවරු දායකයන් දෙන දානයක් ගිල දාලා භාවනාවක් කරගෙන ඉන්නවනම් නේද හොඳ
ලුම්බිණි නම් කියලා තියෙන්නේ සම්පුර්ණ ඇත්ත.
මේ මහානායක හාමුදුරුවනේ, කරුණාකර තමන්ට පුළුවන් වැඩක් කරන්න. අර කුඩා දරුවන් දූෂණය කරන පල්ලෙගමයාව අටමස්ථානයෙන් පලවා හරින්න. අන්න එවුන් නිසානේ බුද්ධ ශාසනය විනාශ වෙන්නේ. ඇයි ඒවා පෙනෙන්නේ නැත්තේ? මහජනයා AJDට බලය දීලා තියෙන්නේ නඩුකාරයන් කහමලින් නාවන්න නොවෙයි, උන්ගෙන් වැඩ ගන්න.
ලුම්බිණි, tissa දෙන්නම ඇත්ත කියන්නේ. මමත් එකඟයි.
සමහර ජඩ NPP වහලුන් මහානායක හාමුදුරුවන්ට දොස් කියනවා. මේ ලේ පිස්සෝ බහුතර බෞද්ධයන්ගෙන් ඡන්ද අරගෙන දැන් පසුගාමී බව පෙන්වන එක පුදුමයක් නෙවෙයි. පහත් පන්තියේ NPP වහලුන්ගෙන් අපිට මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Asela, ඇයි මහනායකල රහත්වෙලාද? මේ අයත් අපි වගේම පෘතග්ජන. වැරදිනම් කවුරු උනත් වැරදියි. තමන්ගේ රාජකාරිය වෙන ශාසනය රැකගැනීම මේ අයගේ යුතුකමක්. පල්ලේගම සිද්ධියෙන්ම පේනවා ඒවා මේ අයට ගාණක් නෑ කියල.
NPP එක ආණ්ඩුව උනාට පාර රාජ්‍ය තවම ක්‍රියාත්මකයි.
අවුරුදු ගානක් රට විනාශ කරපු දේශපාලන පක්ෂ විවේචනය කරන්න කොන්ද පණනැති මහා නායකවරු ඒ දේශපාලකයන්ට දඬුවම් දෙන්න ක්‍රම හදනකොට ඇයි මේ වෙනස්කම්. මේ රට හොරා කාපු එක නායකයෙක් ගැන පුළුවන් නම් බය නැතුව මාධ්‍ය ඉදිරියට ඇවිත් විවේචනය කරන්න. ඒවා බෑ.